නැඟෙනහිර ඉඩම් නීත්‍යනුකූල නොවන ලෙස භාවිත කර තිබේ නම් ඒවාට කඩිනම් විසඳුම් – ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

නැඟෙනහිර පළාතේ ඉඩම් යුද සමයෙන් පසු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් භාවිත කර තිබේ නම් ඒ පිළිබඳව ඉඩම් ඇමැතිවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් දීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නැඟෙනහිර… Read More

උමන්දාව නවෝත්පාදන ව්‍යවසායකත්ව ආර්ථිකයට ආදර්ශයක් – ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

සමන්තභද්‍ර නාහිමියන් නව උත්පාදන හා නිර්මාණාත්මක කාර්යභාරයන් කිරීම පිළිබඳ රටට ආදර්ශයක් සපයපු යතිවරයාණන් වහන්සේ නමක් ලෙස අපි දකිනවා යැයි ජනමාධ්‍ය, ‍ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (23) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උමංදාව බෞද්ධ… Read More

එදා රට බංකොලොත් වෙද්දී වගකීම භාර නොගත් අය අද ජනපතිවරණයේ ඇඳුම් ගැන අහනවා – එජාප උපනායක අකිල විරාජ් කාරියවසම්

දැන් ජනාධිපතිවරණයට ඇඳුම් මහගෙන ඉන්න කිසිම කෙනෙක් එදා රට බංකොලොත් වුණු අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියත් වගකීම භාර ගත්තේ නෑ. වර්තමාන ජනාධිපතිතුමා බය නැතුව එතුමාගේ අත්දැකීම් එක්ක වැල් පාලමේ යම්තාක් දුරකට මේ රට එගොඩ කරගෙන තිබෙනවා. අවුරුදු එකහමාරක් ඇතුළත සාර්ථක ගමනක් යද්දී දැන් අනිත් අය එතන ඉඳන්… Read More

කළුතර කටුකුරුන්ද ‘ප්ලේ හවුස්’ පෙර පාසලේ රාත්‍රී කඳවුරක්

කළුතර කටුකුරුන්ද “ප්ලේ හවුස් ” පෙර පාසලේ පසුගියදා රාත්‍රී කඳවුරක් පැවැත්වුණි. රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමට හා ගිනි මැලය ආශ්‍රිත විවිධ ක්‍රියාකාරකම්වල නියැළීමට මෙහිදී එහි සිසු සිසුවියන්ට අවස්ථාව ලැබුණි. පෙර පාසලේ ආචාරිනී චමරී ප්‍රනාන්දු මහත්මියගේ උපදේශකත්වය යටතේ මෙම රාත්‍රී කඳවුර පවත්වන ලදී. කළුතර මධ්‍යම සමූහ –… Read More

ජනපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනපති රනිල් ඉදිරිපත් වෙනවා – හිටපු ඇමැති රවී කරුණානායක

එළැඹෙන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා පැවැසීය. හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙලෙස ද කීවේය.… Read More

ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල් දාන්න බෑ -සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය කෙසේවත් කල් දාන්න බෑ. ජනාධිපතිවරණය කැඳවීමෙන් පස්සේ මැතිවරණය නොපවත්වා ඉන්නත් බැහැ. අය – වැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීරිගමදී පැවසීය. මීරිගම සමගි ජන බලවේගය කාර්යාලයේදී පැවති පාක්ෂික හමුවක් අවස්ථාවේ… Read More

අහිතකර පළිබෝධනාශක වික්ක කඳපොල වෙළෙන්දා මාට්ටු

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මිනිස් සිරුරට අහිතකර නීති විරෝධී පළිබෝධනාශක අලෙවි කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (24) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත කඳපොළ පොලිස් වසමේ, පොස්ට්වුඩ් කොටස, කොට්ලෝජ්, ප්‍රදේශයේ පිහිටි… Read More

තවලම විද්‍යාරාජයට නව තාක්ෂණ පීඨයක්

හිනිදුම්පත්තුවේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් තවලම විද්‍යාරාජ ජාතික පාසලේ නව තෙමහල් තාක්ෂණ පීඨයක් ඉදි කොට තිබේ. ගොඩනැඟිල්ල ඉදි කිරීමට සහ අවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබාදීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 78 කි. මෙම නව ගොඩනැඟිල්ල අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සහ ගාල්ල… Read More

පොලිස් බයික් එකට ගිනි තබා නිලධාරීන්ට ගිනි බිඳින්නත් හදලා – විශ්‍රාමික ආබාධිත සෙබළා අත්අඩංගුවට

යතුරුපැදියට ගිනි තබා ඇති අයුරු කතරගම රජ මාවත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන්ගේ යතුරුපැදියකට ගිනි තබා පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබිමට උත්සාහ කළ ආබාධිත විශ්‍රාමික හමුදා සෙබළකු ගිනි අවියක් හා ජීව උණ්ඩ සමඟ… Read More

ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ අයිලීන් සාගල රත්නායක හමුවෙයි

ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබාචර් මහත්මිය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර හමුවක් ඉකුත් 23 වැනි දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින්, අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ නාවික කටයුතු… Read More

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් කෑගල්ලේ පාසල් 11කට Smart Board

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ “ජයගමු ශ්‍රී ලංකා” කෑගල්ල දිස්ත්‍රික් ජනතා ජංගම සේවයට සමගාමීව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දිස්ත්‍රික්කයේ පාසල් 11ක් සඳහා පන්ති කාමරයට අවශ්‍ය අති නවීන Smart Board පිරිනමනු ලැබිණි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා… Read More

හොර වීසාවලින් ග්‍රීසියට යන්න ආ ව්‍යාපාරික පවුල අත්අඩංගුවට

රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක මුදලක් තැරැව්කරුවකුට ගෙවා කූට ලෙස සකස් කළ ” ග්‍රීක ” වීසා භාවිත කර යුරෝපය වෙත පළායාමට පැමිණි සාමාජිකයන් හතර දෙනකුගෙන් යුතු ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පසුගියදා(24) දින පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට… Read More

මාලිමාවෙන් ඉදිරිපත් වූ විදුහල්පතිවරුන් දෙදෙනකු පමණක් සේවයේ පිහිටුවලා

දේශපාලනඥයන්ගෙන් වයඹ පළාත් සභා නිලධාරීන්ට දැඩි විරෝධය කල් දමන ලද පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වූ විදුහල්පතිවරුන් දෙදෙනකු පමණක් වයඹ පළාත් සභාව මගින් නැවත සේවයෙහි පිහිටුවීම සම්බන්ධයෙන් පසුගියදා (22) පැවැති කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක දී ⁣පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලනඥයන්ගෙන්… Read More

කොතලාවල විශ්වවිද්‍යාලයේ ගැටුමෙන් SI රෝහලේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැති සංගීත ප්‍රසංගයකදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු සිසුන් පිරිසක් අතර ඇතිවුණු ගැටුමකින් එහි සිසුවකු ලෙස අධ්‍යාපනය ලබන උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මෙම සංගීත ප්‍රසංගය තිබී ඇත්තේ පසුගිය 22 වෙනිදා රාත්‍රී කාලයේදීය. මෙම පහරදීම සිදුකර ඇත්තේ මෙහි… Read More