ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ අයිලීන් සාගල රත්නායක හමුවෙයි

ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබාචර් මහත්මිය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර හමුවක් ඉකුත් 23 වැනි දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින්, අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ නාවික කටයුතු සඳහා ලබා දීමට නියමිත නෞකාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, දෙරට අතර ඉදිරි කටයුතු පිළිබඳව ද අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

The post ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ අයිලීන් සාගල රත්නායක හමුවෙයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina