මීතොටමුල්ල කුණු කන්ද මුදුනේ සිරිපා අනුරුවක් සහ තොරණක්

වැල්ලම්පිටිය, මීතොටමුල්ල කසළ කන්ද අද පාරිසරික උද්‍යානයක් ලෙසින් පවත්වා ගෙන යනු ලබන අතර කඳු මුදුන දක්වාම ගහ කොළවලින් පිරී තිබෙනු දැක ගත හැකිය. පසුගිය පොහෝ දිනයේ සිට ඊයේ (25) දිනය දක්වාත් මෙම කන්ද මුදුනේ ඉදිකර තිබූ ශ්‍රී පාදයේ අනුරුවක් සහ දැවැන්ත දර්ශනීය තොරණද දැක බලා ගැනීම සඳහා ජනතාව දහස් ගණනින් පැමිණි අයුරු දැක ගත හැකි විය.

කන්ද පාමුල සිට මුදුනට යන තෙක් ශ්‍රී පාදයේ පිහිටි අයුරින් ඉදිකටුපාන, හැරමිටිපාන ආදී ස්ථානයන් දැක බලා ගත හැකි අයුරින් නිර්මාණය කර තිබූ අතර මඟ දෙපස බුදු සිරිතේ විවිධ අවස්ථාවන් අඹන ලද රූප මඟින් ඉදිරිපත් කර තිබුණි.

වැල්ලම්පිටිය භික්ෂු ගිලන්හල විවේකාරාම විහාරස්ථානයේ අධිපති පූජ්‍ය අඟුණකොළපැලැස්සේ විපුලසිරි හිමියන්ගේ සහ පරමධම්මෝදය විහාරාධිපති විටියල කවිධජ යන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි වරාය අධිකාරියේ සේවයේ නියුතු එච්. ඩී. එම්. නානායක්කාර සහ ප්‍රභාත් යන මහතුන් විසින් මෙම නිර්මාණයන් සිදු කර තිබේ.

ශ්‍රී පාදයේ අනුරුව, දර්ශනීය තොරණ සමඟ චෛත්‍යයක් සහ ඝණ්ටාර කුලුනක් ද කඳු මුදුනේ ඉදි කර තිබේ. 2016 වසරේ අඩි 238ක උසකින් යුත් ලෝකයේ ලොකුම නත්තල් ගස ගාලුමුවදොර පිටියේ නිර්මාණය කරන ලද්දේ ද නානායක්කාර මහතා

විසිනි. ඔහු විසින් පසුගිය වසරේ අඩි 150ක උසින් යුත් නත්තල් ගසක් ද

මීගමුවේ ඉදිකර තිබුණේය. කන්ද ආශ්‍රිත කලාපය තුළ කතුරු ඔංචිල්ලා ඇතුළු විනෝද අංගයන්ගෙන් ද සමන්විත විය.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

The post මීතොටමුල්ල කුණු කන්ද මුදුනේ සිරිපා අනුරුවක් සහ තොරණක් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina