කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් කෑගල්ලේ පාසල් 11කට Smart Board

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ “ජයගමු ශ්‍රී ලංකා” කෑගල්ල දිස්ත්‍රික් ජනතා ජංගම සේවයට සමගාමීව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දිස්ත්‍රික්කයේ පාසල් 11ක් සඳහා පන්ති කාමරයට අවශ්‍ය අති නවීන Smart Board පිරිනමනු ලැබිණි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් මෙම Smart Board පිරිනමන ලදි.

විගමනික ශ්‍රමිකයන්ගේ දූ දරුවන් ඉගෙන ගන්නා පාසල් තෝරාගනු ලැබුවේ අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟිනි. ඒ අනුව පාසල් සඳහා මෙම Smart Board පිරිනැමූ අතර, ඊට අදාළ සංකේතාත්මක චෙක්පත් එම විද්‍යාලවල විදුහල්පතිවරුන් විසින් භාරගනු ලැබිණි.

කෑගල්ල දිස්ත්‍රික් සමූහ – දයාරත්න බණ්ඩාර

The post කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් කෑගල්ලේ පාසල් 11කට Smart Board appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina