රජයේ නිවාස ව්‍යාපෘති ගණනාවක ගෙවල් හොරට විකුණලා විමර්ශන CIDයට

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අයත් නාගරික සංවර්ධන අධිකාරියේ කොළඹ, ඇපල්වත්ත ඇතුළු නිවාස ව්‍යාපෘති කිහිපයක නිවාස ගණනාවක් ව්‍යාජ ලෙස විකුණා ඇති බවට පැමිණිලි රාශියක් අමාත්‍යාංශ මහජන දිනයේ දී ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට ලැබී ඇති බවත් ඒ සම්බන්ධව පැමිණිලි කර ඉදිරි පියවර ගැනීමට අදාළ පුද්ගලයන් අපරාද… Read More

හොර වීසාවලින් ග්‍රීසියට යන්න ආ ව්‍යාපාරික පවුල අත්අඩංගුවට

රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක මුදලක් තැරැව්කරුවකුට ගෙවා කූට ලෙස සකස් කළ ” ග්‍රීක ” වීසා භාවිත කර යුරෝපය වෙත පළායාමට පැමිණි සාමාජිකයන් හතර දෙනකුගෙන් යුතු ව්‍යාපාරික පවුලක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී පසුගියදා(24) දින පස්වරුවේ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට… Read More

මාලිමාවෙන් ඉදිරිපත් වූ විදුහල්පතිවරුන් දෙදෙනකු පමණක් සේවයේ පිහිටුවලා

දේශපාලනඥයන්ගෙන් වයඹ පළාත් සභා නිලධාරීන්ට දැඩි විරෝධය කල් දමන ලද පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගය පක්ෂයෙන් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වූ විදුහල්පතිවරුන් දෙදෙනකු පමණක් වයඹ පළාත් සභාව මගින් නැවත සේවයෙහි පිහිටුවීම සම්බන්ධයෙන් පසුගියදා (22) පැවැති කුරුණෑගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක දී ⁣පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලනඥයන්ගෙන්… Read More

කොතලාවල විශ්වවිද්‍යාලයේ ගැටුමෙන් SI රෝහලේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැති සංගීත ප්‍රසංගයකදී බීමත්ව කලහකාරී ලෙස හැසිරුණු සිසුන් පිරිසක් අතර ඇතිවුණු ගැටුමකින් එහි සිසුවකු ලෙස අධ්‍යාපනය ලබන උප පොලිස් පරීක්ෂකවරයකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මෙම සංගීත ප්‍රසංගය තිබී ඇත්තේ පසුගිය 22 වෙනිදා රාත්‍රී කාලයේදීය. මෙම පහරදීම සිදුකර ඇත්තේ මෙහි… Read More

රුසියානු-යුක්‍රේන සංචාරකයන්ට රටින් පිටවෙන්නැයි කීම ගැන පරීක්ෂණයක් – ජනපති නියෝග කරයි

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ට දින 14ක් ඇතුළත රටින් පිටවන්නැයි සිදු කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය. මෙම සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල… Read More

දින හයක වැඩවැරුමෙන් පසු අයිෆල් කුළුණ විවෘත වේ

වැඩ වර්ජනයක් හේතුවෙන් දින හයක් වසා දැමීමෙන් පසු පැරිසියේ අයිෆල් කුළුණ ඉරිදා අමුත්තන් සඳහා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. කුළුණ කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් කම්කරුවන් මුලින්ම වැඩ නවත්වා පිටව ගියේ පසුගිය සඳුදා (19) ය. එහි ක්‍රියාකරු, Société d’Exploitation… Read More

යුක්‍රේන හමුදාවේ 31,000ක් මරුට

රුසියාව යුක්‍රේනයට පහරදීම ආරම්භ කර ගෙවී ගිය වසර 02ක කාලයේ දී යුක්‍රේන සෙබළු 31,000ක් සහ සාමාන්‍ය සිවිල් වැසියන් 10,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පවසයි. ඔහු මේ බව කියා සිටියේ රුසියානු ආක්‍රමණයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින… Source …read more… Read More

අධික උෂ්ණයෙන් දරුවන් රැකගන්න සුව අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශයන්

පවතින අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරු දැරියන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම අවමකර ගැනීම සඳහා ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශනයන් නිකුත්කර තිබේ. ඒ අනුව පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් යම් යම් අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකි බව පෙන්වාදෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දහදිය දැමීම නිසා ඇතිවන විජලනය… Read More

තරුණයකු ලෙස පෙනී සිටිමින් සිසුවියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට දැමූ තරුණිය අත්අඩංගුවට

තරුණයකු ලෙස පෙනී සිටිමින් 15 හැවිරිදි සිසුවියක සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් එම සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනා වසරකට ආසන්න කාලයක්… Read More

සරසවි අනධ්‍යයන වැටුප් විෂමතා විසඳන්න ඇමැති මණ්ඩල සංදේශයක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 වසරේ සිට තිබූ වැටුප් විසමතාව වන සියයට 107 වෙනුවට සියයට 92ක් ලබාදීම පිළිබඳ වැටුප් විසමතාව ඉවත් කිරීම සඳහා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවැති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි… Read More

ලංකාව බලවතුන්ගේ යටත්විජිතයක් වී ඇති ආකාරය කොළඹ වරායෙන් පේනවා – පෙ.ස.ප.

ලංකාව සහ ලංකාවේ වරායන් ඇතුළු ජනතා දේපල ලෝක බලවතුන්, කලාපීය බලවතුන්, අධිරාජ්‍යවාදීන් පමණක් නොව …read more Source:: The Leader