සරසවි අනධ්‍යයන වැටුප් විෂමතා විසඳන්න ඇමැති මණ්ඩල සංදේශයක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 වසරේ සිට තිබූ වැටුප් විසමතාව වන සියයට 107 වෙනුවට සියයට 92ක් ලබාදීම පිළිබඳ වැටුප් විසමතාව ඉවත් කිරීම සඳහා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවැති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත් කළ කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරන අතර ඉදිරි ආසන්නතම කාලසීමාවේ දී ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලැබුණු පසුව ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍යාංශය ක්‍රියා කරන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

සන්ධ්‍යා කරුණාරත්න

The post සරසවි අනධ්‍යයන වැටුප් විෂමතා විසඳන්න ඇමැති මණ්ඩල සංදේශයක් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina