සැකකාර ගුරුවරයා අතුරුදන්
කුරුණෑගල මිශ්‍ර පාසලක හය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් පවත්වන ලද විමර්ශනයේදී චුදිත ගුරුවරයා අතින් එම සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇතැයි පැහැදිලිවම අනාවරණය වී තිබෙන බව විමර්ශන වාර්තාවෙන් පෙන්වා දෙයි.
මේ වන විට සැකකාර ගුරුවරයා ආගිය අතක් නැති බව ද වාර්තා වේ. එම පාසලේ ආදි සිසුන්, මවුපියන් සහ වින්දිත සිසුවියන්ගේ මවුපියන් එක්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගෙන් කරන ලද ඉල්ලීමකට ඒ මහතාගේ උපදෙස් අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මඟින් මෙම විමර්ශනය සිදු කර ඇත.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී එම පාසලේ හය වැනි වසරේ ළාබාල සිසුවියන් සිව්දෙනකු ඔවුන්ට ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරයකු අතින් අවස්ථා කීපයකදී අපයෝජනයට ලක්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන බව දන්වමින් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට ද ඒ පිළිබඳ පැමිණිලි කර තිබිණි. ඒ අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරිනී කාංචනා සුබසිංහ සමඟ දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරිනියන් වන චමීරා රාමනායක සහ ලක්මිණි ධර්මදාස තිදෙනා එක්ව එම විමර්ශනය සිදු කළහ.
එම විමර්ශනයේදී අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියන්ගෙන්, ඔවුන්ගේ මවුපියන්ගෙන්, අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්යක්ෂ මුදිතා ජයතිලක මහත්මියගෙන් ද ප්‍රකාශ සමඟ සිද්ධියට අදාළ ලිඛිත සාක්ෂි ඔවුන් ලබාගෙන ඇත. චුදිත ගුරුවරයා අවස්ථා කීපයකදීම පාසල් කාල වේලාවේදී සිසුවියන් සිව්දෙනා අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශනයේදී පැහැදිලිවම අනාවරණය වී ඇති බව විමර්ශන වාර්තාවෙන් කියා තිබේ.
මෙම සිදුවීම හේතුවෙන් වෙනත් පාර්ශ්ව කීපයක්ම සිසුවියන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද කටයුතු කර තිබීම හේතුවෙන් ළාබාල වයසේ පසුවන එම සිසුවියන් දැඩි මානසික පීඩනයකට සහ බියට පත්ව සිටින බව ද එම වාර්තාව මඟින් පෙන්වා දී ඇත. මෙම විමර්ශන වාර්තාවේ පිටපත් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත භාර දීමට පියවර ගෙන ඇත.
මෙම සිද්ධිය මාධ්‍ය මඟින් අනාවරණය කිරීමත් සමඟ චුදිත ගුරුවරයා මේ වන විට සේවය කරමින් සිටින පාසලේ රාජකාරි සඳහා වාර්තා කර නැති බව ද ඔහු සිටින තැනක් හෝ …read more
Source:: Dinamina