ක්‍රීඩා පුහුණුවීම් නවත්වන්න

මේ දිනවල දැඩි අව් රශ්මිය හේතුවෙන් අද (28) සිට සිකුරාදා (01) දා දක්වා පාසල් දරුවන් එළිමහනට යැවීමෙන් වළකින්න යැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කර තිබේ. මේ දිනවල රටපුරා ම දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතින බැවින් එය අවදානයෙන් සිටිය යුතු මට්ටමට පැමිණ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද… Read More

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය. දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන් සිය තනතුරුවල රැඳී සිටීමේ කෙටි මාර්ගය බවට ජාතිවාදය සහ ආගම්වාදය… Read More

IMF තුන්වන වාරිකය ගැන සුබ පණිවිඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මාර්තු මාසයේ 07 වනදා සිට IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව  ප්‍රකාශ කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී IMF නියෝජිතයින් සති… Read More

පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් – නීතිපති

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම කථානායකවරයා ප්‍රමුඛ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයින් අනුමත කර ඇති බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ දැනුම්දීම කළේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම් හතක් ඊයේ … Read More

කුරුණෑගල රාජසභා ගොඩනැගිල්ල කඩා දැමූ සිද්ධිය ගැන ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරයි. 

මහත් ආන්දෝලනයකට තුඩුදුන් කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින එම ගොඩනැගිල්ල කඩා… Read More