වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමේ තත්ත්වයකට ඉඩ නොතබා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අදාළ අමාත්‍යවරුන්ට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පැවසීය.
ජාතික කඩදාසි සමාගමේ 2013, 2014 සහ 2015 වසරවලට අදාළ වාර්ෂික වාර්තා පසුගියදා (20) ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සැලකිල්ලට ගත් අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේබව පැවසීය.
වාලච්චේන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර 1956 වසරේ ගෙන්වන ලද ඒවා බැවින් මෙහි අලුත්වැඩියාවන් සදහා ඇ.ඩොලර් මිලියන 1.2ක් අවශ්‍ය බවත් භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන නොලැබුණු බැවින් මෙය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එම භූමිය සංචාරක ව්‍යාපාරය සදහා වෙන් කරන ලද බැවින් ඒ සදහා අනුමතිය නොලැබුණ බවද කර්මාන්ත අමාත්‍යාංශයේ ලෙකම් තිලකා ජයසුන්දර මහත්මිය මෙහිදී පැවසුවාය.
ඇ.ඩොලර් මිලියන 1.2ක් වියදම් කොට කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර අලුත්වැඩියාව සිදු කරන්නේ නම් දිනකට ටොන් 5 බැගින් නිෂ්පාදනය සිදුකොට මාසයකට රු. මිලියන 22ක ලාභයක් ලැබිය හැකි බවද මෙහිදී අනාවරණය විය. අක්කර 340 ක වපසරිය පැතිරී ඇති මෙම සම්පූර්ණ භූමිය සංචාරක කලාපයක් සදහා නොගෙන ඉන් කොටසක් පමණක් ඒ සදහා සලකා බැලීමේ හැකියාව ඇති බවද මෙහිදී සාකච්ඡා විය. වාලච්චේන කඩදාසි කම්හල වැසෙන තත්ත්වයට පත්වුවහොත් විකිණීම වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වැදගත් බැවින් ඒ සදහා කාරක සභාවේ නිර්දේශය මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශවලටත් ගරු ජනාධිපතිවරයාටත් යොමු කරන බව කාරක සභා සභාපතිවරයා පැවසීය.
එසේම සංචාරක කර්මාන්තය මතම යැපිම වෙනුවට රටේ කර්මාන්ත දියුණු කරමින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් නිෂ්පාදන අංශයේ දායකත්වය 15%ක් පමණක් බවත් දියුණු රටක මෙම අගය 30%ක අගයක් බවත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරිය පෙන්වා දුන්නාය. මෙරට සමස්ත භූමියෙන් කර්මාන්ත සදහා වෙන්ව ඇති භූමි ප්‍රමාණය සියයට 0.04ක් බවත් එය සාමාන්‍යයෙන් දියුණු රටක සියයට 3ක අගයක් ගන්නා බවත් ඇය පැවසුවාය.
එසේම සම්භාණ්ඩ කර්මාන්තය සදහා විශේෂිත කලාපයක් නොමැති වීමේ ගැටලුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍ර ද්විත්වයේම …read more
Source:: Dinamina