වැල්ලවත්තේ හෝටලයක් අසළ වෙඩි තැබීමක්

වැල්ලවත්ත මුහුදු මාවත ප්‍රදේශයේ හෝටලයක් අසළදී අද (27) අළුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු අහසට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුට හානි සිදුව නොමැති බව පොලිසිය සදහන් කරයි.

බියගැන්වීම සදහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 පතොරම් කොපු 9ක් සොයා ගෙන ඇත.

The post වැල්ලවත්තේ හෝටලයක් අසළ වෙඩි තැබීමක් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina