පංකජ් උද්හාස් ගේ හඬ නිහඬ වෙයි

ජනප්‍රිය ඉන්දීය ගායක පංකජ් උද්හාස් අභාවප්‍රාප්ත වී තිබේ.

දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඔහු මිය යන විට 72 වියේ පසුවිය.

කලක් පුරාවට රෝගාතුර වී සිටි ඒ මහතා, සඳුදා (26) පෙ.ව. 11.00ට පමණ අවසන් සුසුම් හෙළු බවත් ඔහුගේ අවසන් කටයුතු අද(27) පැවැත්වීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ගසල් ගීත, චිත්‍රපට ගීත ඇතුළු අමරණීය ගීත රැසක් ලොවට තිළිණ කළ ඔහු, පද්මශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවෙකි.

පන්කජ් මහතාට සොහොයුරන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ද ගායකයන් වේ.

The post පංකජ් උද්හාස් ගේ හඬ නිහඬ වෙයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina