එකම දිය­ණි­යගේ විවා­හ­යට සිත් තැවු­ලෙන් මව බොල්ගොඩ ගඟට පනී

පාන­දුර වලාන පාල­මෙන් ඊයේ (26) පස්ව­රුවේ  බොල්ගොඩ  ගඟට පැන ඇති එක්දරු මවක දියේ ගිලී මිය­ගොස් ඇති බව පාන­දුර රෝහල් පොලි­සිය සඳ­හන් කරයි.  පාන­දුර, නල්ලූ­රුව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටී ලලනී දීපිකා ප්‍රනාන්දු  නමැති 53  හැවි­රිදි  එක්දරු මවක මෙසේ මිය­ගොස් ඇති  බව පොලි­සිය කීය.

කොළඹ කළු­තර දිස්ත්‍රික් යාක­රන පාන­දුර වලාන පාලමේ පාන­දුර දෙසින් අත් බෑගය සහ පාව­හන් යුවළ පාලම මත ගලවා තබා බොල්ගොඩ  ගගට පැන ඇති කාන්තාව රළ පහ­රට හසුව ගසා­ගෙන ගොස් ඇති අතර, අසල සිටී පල­තුරු වෙළෙ­න්ඳකු විසින් පිහිනා ගොස් ගොඩ­ගෙන ඇති බව පැවසේ.

ජලය පෙවී සිටී කාන්තා­වක  පාන­දුර මූලික රෝහ­ලට රැගෙන ගොස් ඇති අතර, රෝහල් ගත­කි­රී­මේදී මිය­ගොස් ඇති බව පැවසේ.

මිය­ගොස් ඇති කාන්තා­වගේ එකම දිය­ණිය මෑත­කදී විවා­හවී ඇති බවත්, ඔවුන්ගේ පවුල් ජීවි­තය සම්බ­න්ධ­යෙන් මතුව ඇති ගැට­ලු­වක් හේතු­වෙන් ඇය තර­මක සිත් වේද­නා­වෙන් සිට ඇති බවත් පැවසේ.

මෘත­දේ­හය පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සඳහා පාන­දුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

The post එකම දිය­ණි­යගේ විවා­හ­යට සිත් තැවු­ලෙන් මව බොල්ගොඩ ගඟට පනී appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina