සිංහල හෝ දෙමළ බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ…

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තවම සිංහල හෝ දෙමළ බසින් ප්‍රකාශයට පත්වී නැහැ.ඉංග්‍රීසි බසින් පමණයි ප්‍රකාශයට පත්වී තිබෙන්නේ. ඒ නිසා මව් භාෂාව රැකගැනීම වෙනුවෙන් අපට තව බොහෝ දේ කිරීමට සිදුව ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය, රාජ්‍ය භාෂා කොමිසම, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය එක්ව සංවිධානය කළ අන්තර්ජාතික මව් භාෂා දින උත්සවය ඉකුත් 21 වැනිදා කොළඹ, පදනම් ආයතනයේ දී පැවති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීවේය.

සිංහල බස උගන්වන්න එසේ නැත්නම් බුදු දහම උගන්වන්න ඉස්සර අපට ලොකු ගොඩනැඟිලි තිබුණෙ නැහැ. අද පාසලක් ඇති කරන්න කතා කරන විට බොහෝවිට ඉල්ලන්නේ ගොඩනැඟිලි. නමුත් ඩී. බී. ජයතිලක මැතිතුමා සහ ආදී කාලීන නායකයන් පරම විඥානාර්ථ බෞද්ධ සමාගම සමග රට පුරා ගමින් ගමට පොල් අතු සෙවිලි කරන ලද කුඩා මණ්ඩපවල සිංහල භාෂාවත්, අධ්‍යාපනයත් පෝෂණය කළා. ඒ කාලෙත් වහිනවා පායනවා. අපේ ජනතාවගේ දරුවන්ට අභියෝග වැඩියි. අපට එදා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඒකට උදව් වුණේ නැහැ. නමුත් අපේ ග්‍රාමීය නායකයන් පරිත්‍යාගයෙන් ඉඩම් දුන්නා. පාසල් ඇති කළා. ඒ සිංහල භාෂාව පෝෂණය කිරීමටයි.

සංඛ්‍යා ලේඛන වලින් පමණක් ජාතියක පැවැත්මක් ඉතුරු වෙන්නෙ නැහැ. කෙටියෙන් මේ වදන් පෝෂණය කරන්න නම් අපි අපේ භාෂාව, මව් භාෂාවන් එලෙස පෝෂණය කොට ආරක්ෂා කොට අඛණ්ඩ පර්යේෂණවල යෙදෙමින් ඇතිවිය හැකි භයානක තර්ජනයන්ගෙන් මුදවාගෙන ගමන් කළ යුතුයි.

සුදු ආණ්ඩු කාලයේ ඉංග්‍රීසි බසින් තමයි ගම්වැසියන්ගේ පැමිණිල්ලක් පොලිසිය ලියා ගත්තේ. පැමිණිල්ල තමන්ගේ භාෂාවෙන් ලියවුණේ නැහැ. සිංහල සහ දෙමළ රට වැසියා තම තමන්ගේ භාෂාවලින් පැමිණිල්ල කිව්වා. ඒ කාලේ මැලේ රටවැසියන් ප්‍රමාණයකුත් හිටියා. පැමිණිල්ල ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. කොහොම වෙන්න ඇතිද කියලා හිතාන්න පුළුවන්නේ. සාධාරණත්වයේ නාමයෙන් කතා කරන බොහෝ සමාජයන්වල අපට හිමි සාධාරණත්වය ලබා නොදී ඔවුන් රට පාලනය කළා.

සිංහල හෝ දෙමළ බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ - අගමැති දිනේෂ් ගුණවර්ධන

සති දෙකෙන් දෙකට එක් …read more

Source:: Aithiya