කොහාට කලින් බැසිල් ලංකාවට!

මාස දෙකකට අධික කාලයක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර වාසය කළ බැසිල් රාජපක්ෂ මහතා මාර්තු මස මුල සතියේදී යළිත් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

එසේ පැමිණි පසු පොහොට්ටුව ප්‍රතිසංවිධාන කිරීමේ කටයුතු සක්‍රීය කොට පක්ෂය ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා පෙළගැස්වීම බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී ඇති බවක් දැනගන්නට තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පසුගිය දෙසැම්බර් මාසයේදී පිටත්ව ගිය අතර, හෙතෙම නැවත ලංකාවට පැමිණෙන බවට තොරතුරු වාර්තා වී තිබුණේ ලබන අප්‍රේල් මාසයේදීය.

නමුත් මේ වන විට රට ඇතුළේ මතුව ඇති දේශපාලන තත්ත්වය හමුවේ සිය ගමන කෙටි කොට ලබන මස මුලදී නැවත ලංකාවට පැමිණීමට ඒ මහතා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

The post කොහාට කලින් බැසිල් ලංකාවට! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka