ආරච්චිකට්ටුවේ නිවසක ගින්නක් – කාන්තාවක් මරුට

ඊයේ (23) රාත්‍රී කාලයේ ආරච්චිකට්ටුව පොලිස් වසමේ කිරිවල්කැලේ නිවසක් තුළ සිටි කාන්තාවක් පිළිස්සී මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක කිරිවල්කැලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පොලිසිය පවසයි.

මරණකාරිය සිය ස්වාමි පුරුෂයා සමඟ පොල් අතුවලින් තැනූ කුඩා නිවසක ජීවත් ව සිට ඇති අතර, නිවස ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

The post ආරච්චිකට්ටුවේ නිවසක ගින්නක් – කාන්තාවක් මරුට appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina