ආයෙත් පොලිස්පති දේශබන්දු!

දේශබන්දු තෙන්නකෝන් මහතා නැවත වතාවක් වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහුගේ නම වැඩ බලන පොලිස්පති ධුරයේ සේවා දිගුවක් සඳහා ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කිරීමට නියමිතව ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මස 29 වන දා මාස තුනක සේවා කාලයක් සඳහා දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබන පොලිස්පති වශයෙන් පත්කරනු ලැබීය.

එම සේවා කාලය එළඹෙන 29 වෙනිදායෙන් අවසන් වෙයි.

The post ආයෙත් පොලිස්පති දේශබන්දු! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka