නිශාන්ත පන්නයේ අනතුරක්: ඉන්දියාවේ මන්ත්‍රීවරිය මියයයි!

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37හැවිරිදි ලාස්‍යා නන්දිතා හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඇය භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ “Bharat Rashtra Samithi” කැපීපෙනෙන චරිතයක් ලෙස සැලකේ.

ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත යකඩ වැටේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇයගේ රියැදුරා ද අනතුරෙන් බරපතළ තුවාල ලබා මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ.

මීට දින 10කට පෙර එනම් පසුගිය පෙබරවාරි 13 වැනිදා නාකට්පල්ලි ප්‍රදේශයේදී සිදුවූ තවත් අනතුරකින් ලාස්‍යා දිවි බෙරාගෙන ඇති අතර එහිදී ඇය සුළු තුවාල ලබා තිබේ.

එම අනතුරේදී ඇයගේ ආරක්ෂකයෙකු මියගොස් තිබුණි.

ඇයගේ පියා ද දේශපාලනඥයෙක් වන අතර ඔහු ද පසුගිය වසරේ මියගොස් තිබේ.

The post නිශාන්ත පන්නයේ අනතුරක්: ඉන්දියාවේ මන්ත්‍රීවරිය මියයයි! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka