හිරේ ඉන්න සැමි­යාට මාස 7 දරු­වත් අරන් කුඩු ගෙනා කත අල්ලයි

කළු­තර බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින සැමි­යාට ලබා දීම සඳහා හෙරො­යින් මත්කුඩු කලි­සම් වාටි­යක සඟ­වා­ගෙන පැමිණි කාන්තා­වක්, මාස 7ක් වය­සැති පිරිමි දරු­වකු සමඟ කළු­තර උතුර පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබ තිබේ. වාද්දුව, වේර­ගම, අල්වි­ස්වත්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 36 හැවි­රිදි කාන්තා­වක් මෙසේ අත්අ­ඩං­ගු­වට පත් විය. හෙරො­යින් මත්කුඩු සම්බ­න්ධ­යෙන් වූ නඩු­ව­කට කළු­තර, මල්වත්ත බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින සැමි­යාට ලබා දීමට මත්කුඩු මිලි­ග්‍රෑම් 2,500ක් කොට කලි­ස­මක වාටියේ සඟ­වා­ගෙන පැමිණ සිටි­යදී බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ නිරී­ක්ෂ­ණ­යට ලක්ව ඇති බව පොලි­සිය කීය. සැක­කා­රිය කළු­තර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණි.

ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දමිත් ජය­ති­ලක මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ අංශ නිල­ධා­රීහු පරී­ක්ෂණ පව­ත්වති.

The post හිරේ ඉන්න සැමි­යාට මාස 7 දරු­වත් අරන් කුඩු ගෙනා කත අල්ලයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina