ලූල්ක­ඳුර ලයින් කාම­ර­යක මාස පහ හමාරේ බිලිඳා දමා මවු­පි­යන් මාරු වෙලා

ගලහ ලූල්ක­ඳුර වත්තේ ලයින් කාම­ර­යක තාව­කා­ලි­කව පදිං­චි­යට පැමිණි තරුණ යුව­ළක් තමන්ගේ මාස පහ හමා­රක් වය­සැති දරුවා නිවෙසේ තනි කර දමා විදේ­ශ­ගත වූ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

මඩ­ක­ල­පුව වාක­රය ප්‍රදේ­ශයේ පදිංචි බව කියන මේ යුවළ මීට සති දෙක­කට පමණ ඉහත වත්තේ ලයින් කාම­ර­යක තාව­කා­ලි­කව පදිං­චි­යට පැමිණ ඇත. ඔවුන්ට නවා­තැන් දී ඇති මහලු කත සැබෑ ලෙසම ඔවුන්ගේ ඥාති­ය­කුද යන්න සම්බ­න්ධ­යෙන් සැක­යක් මතු වන බවත්, අදාළ මහලු කත මාන­සික රෝගී තත්ත්ව­ය­කින් පෙළීම ඊට හේතුව බවත් පොලි­සිය පව­සයි. මහලු කාන්තාව මාන­සික රෝගි තත්ත්ව­ය­කින් පෙළෙන බව දැන මොවුන් එම නිවෙසේ තාව­කා­ලික පදිං­චි­යට පැමි­ණියේ දරුවා එහි තබා විදේ­ශ­ගත වීමේ අර­මු­ණින්ද යන්න පිළි­බඳ පොලි­සිය සැක පළ කරයි.

තරුණ යුවළ වතු පාල­නා­ධි­කා­රි­යට දී ඇති තොර­තුරු අනුව ඔවුන් දෙදෙ­නාම 21 වැනි වියේ පසු වන හෙළිව ඇත. මොවුන් පෙරේදා (22) වතු නිවාස පේළියේ පදිංචි පුද්ග­ල­යකු අමතා තමන් විදේ­ශ­ගත වන බවත් කාම­රයේ සිටින දරුවා කාට හෝ දී රැක බලා ගැනී­මට කට­යුතු කරන ලෙසත් ඉල්ලා තිබේ.

පසුව ඔහු ඒ සම්බ­න්ධව වතු පාල­නා­ධි­කා­රිය දැනු­වත් කර ඇති අතර, වත්තේ පවුල් සෞඛ්‍ය සේවි­කාව මඟින් දරුවා දෙල්තොට රෝහ­ලට ඇතු­ළත් කර ඇත. මවු­කිරි දීමේ පහ­සු­කම් රෝහල සතුව නැති බැවින් දරුවා පේරා­දෙ­ණිය රෝහ­ලට යොමු කළ බව ගලහ දෙල්තොට රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිල­ධාරි කපිල අත­පත්තු මහතා කීය. මේ සම්බ­න්ධව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා සහ මහ­නු­වර දිස්ත්‍රික් ප්‍රාදේ­ශීය සෞඛ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රයා දැනු­වත් කිරී­ම­ටද ඒ මහතා පිය­වර ගෙන තිබේ.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් ගලහ පොලි­සි­යට දැනුම් දීමෙන් පසු පොලි­සිය ඒ සම්බ­න්ධ­යෙන් විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත. දරු­වාගේ මව සහ පියා ඇම­තුම දුන් ජංගම දුර­ක­ත­නය පෙරේදා (22) ප.ව. 3.00න් පමණ පසු ක්‍රියා විර­හි­තව තිබෙන බවත්, මොවුන් සැබෑ ලෙසම විදේ­ශ­ගත වූයේද නැත හොත් එසේ අඟවා මෙර­ටේම රැඳී සිටි­න්නේද යන සැකය පොලි­සි­යට මතුව තිබේ.

The post ලූල්ක­ඳුර ලයින් කාම­ර­යක මාස පහ හමාරේ බිලිඳා දමා මවු­පි­යන් මාරු වෙලා appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina