දෙපාරක් අත් හෝදන්න ඕනේ -මැතිවරණ කොමිසමේ සභාපති

සියලු ඡන්ද මධ්‍යස්ථාන කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන ස්ථාන බවට සියයට සියයක් සහතික වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජනතාව මුහුණු ආවරණ පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණිය යුතු බව අද (03) පැවති මාධ්‍ය හමුවක දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

“දෙපාරක් අත් හෝදන්න ඕනේ. මුව ආවරණය ගලවලා “වී නිලධාරියාට“ පෙන්නුවාට පස්සේ. අපේ දෙවෙනි නිලධාරියා නැවත අත් සෝදවනවා. ඡන්ද පොළෙන් පිටව යද්දීත් අත් පිරිසිදු කරනවා“ යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

Read more–>>> දෙපාරක් අත් හෝදන්න ඕනේ -මැතිවරණ කොමිසමේ සභාපති

Add Comment