ඡන්ද ලබාගන්න ඉඩම් බෙදලා

ඡන්ද ලබාගැනීමේ අරමුණ ඇතිව ඉදිරි මැතිවරණයේදී මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව අතර බෙදාහැරීම සඳහා කල්පිටියේ සිදුවන ඉඩම් කොල්ලකෑම්වලට සම්බන්ධ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නට චෝදනා එල්ල වී තිබේ.

මායාදුන්න සහ ඔහුගේ ලේකම් වන මෙන්ඩිස් නැමැත්තා ප්‍රදේශයේ මුස්ලිම් සහ දෙමළ ප්‍රජාවට මෙම ඉඩම්වල අයිතිය ලබා දෙන බවට පොරොන්දු වෙමින් පෞද්ගලික ඉඩම්වලට අනවසරයෙන් ඇතුළුවීමට පොළඹවා ඇති බව ජනමාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර කල්පිටිය වැඩබලන ප්‍රාදේශීය ලේකම් එස්.නන්දසේන ද මායාදුන්නගේ වැරදි ක්‍රියාවන්ට අනුබල දීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව ඇත.

ශිරාණි කොතලාවෙල නම් කාන්තාවට අයත් අක්කර 43ක ඉඩමක සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකුට ‘රජයේ’ ඉඩමක සේවය කිරීමට බලයක් නොමැති බව පවසමින් ඔහු විසින් පළවාහැර තිබේ.

මෙය රජයේ ඉඩමක් බවත්, කිසිදු පෞද්ගලික පාර්ශවයකට අයත් නොවන බවත් ඔප්පු කිරීම සඳහා පසුගිය සතියේ ඔහු මිනින්දෝරු දෙපාර්තමේන්තුව ලවා එහි අයිතිය තහවුරු කර ගැනීම සඳහා ඉඩම් මැනීමට ද කටයුතු කර තිබිණි.

කල්පිටිය කලපුව දෙසින් පිහිටි කොතලාවෙලට අයත් ඉඩම මුස්ලිම් සහ දෙමළ ගම්වාසීන් 200කට අධික පිරිසක් මන්ත්‍රී මායාදුන්න සහ ඔහුගේ ලේකම් මෙන්ඩිස්ගේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ආක්‍රමණය කර ඇති බව වාර්තා වේ.

“මගේ කම්කරුවන් දෙන්නා වැඩබලන ප්‍රාදේශීය ලේකම් එළවලා තියෙනවා. මගේ සේවකයන් එළවා දමන්නට ඔහුට ඇති බලය මොකක්ද ? මේ ආක්‍රමණය පිළිබඳ දැනගත් වහාම මම කොළඹ සිට මගේ නීතිඥ චරිත ගුණරත්න එව්වා ඒ ගැන අවධානය යොමුකරන්න.” ශිරාණී කොතලාවෙල පවසා ඇත.

ඒ අනුව නීතිඥ චරිත ගුණරත්න ඉරිදා උදෑසන එම ස්ථානයට ගොස් තිබේ.

“මම එම ස්ථානයට ගෙන ගොස් ඉඩම් මායිම් විනාශ කරමින් ඉඩමේ සිටි ගම්වාසීන් 13 දෙනෙකු කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මායාදුන්න මන්ත්‍රීවරයාට සහය දුන් මෙන්ඩිස් පොලිසිය පැමිණීමට පෙර ඉඩමෙන් පළාගිහින්. අත්අඩංගුවට ගත් ගම්වාසීන් 13 දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට දේපළවලට ඇතුළුවීම සපුරා තහනම් කරමින් දැඩි ඇප කොන්දේසි සහිතව ඇප නියම කෙරුණා. මායාදුන්න මන්ත්‍රීවරයා සහ එතුමාගේ ලේකම් මෙන්ඩිස් තමයි මේ ක්‍රියාමාර්ගය පිටුපස ඉන්නේ කියලා මම මහේස්ත්‍රාත්වරයාට කිව්වා” යැයි නීතිඥ ගුණරත්න පවසයි.

ප්‍රදේශයේ ඉඩම් කොල්ලය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග යටතේ අදාළ ඉඩම මැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවත් ඔවුන්ගේ …read more

Source:: Info Sri Lanka