ප්‍රභාත් ඔබට සුබ ගමන් ……

රාජපක්ෂ රෙජිමය පලවා හැරිම සඳහා රටපුරා දියත් වු අරගලයට ශක්තියක් වෙමින් ⁣මිගමුවේදි දින 100ක් පුරාවට ක්‍රියාත්මක වු අරගලය මිගමු⁣වේ ජනයාගේ ඉතා සුවිශේෂි ලෙසින් මතකයේ රැදි ඇත.

එසේම ඒ අරගලයට කිසිදු ආකාරයකින් පංගු බේරු නොබලා හදවතින් ශක්තිය දුන් සැමදෙනාමද මිගමුවේ සටන්කාමි.හදවත් තුල සදාකල් මතකයේ රැදෙනු ඇත.

අප කව්රුත් ආදරයෙන් ඇමතු ඩොක්ටර් ප්‍රභාත් යනු සටන්කාමි හදවත් තුල කිසිදා නොමියන චරිතයකි.

එහෙත් දැන් ඔහු අපෙන් සමුගෙන හමාරය.ඔහු පිළිබද ඒ ආදරණිය මතකය කිසිදාක අපට අමතක කළ නොහැක.

මිගමුව තෙල්වත්ත හංදියේ මහපාර අසල අප ඉදිකර තිබුන අරගල මධ්‍යස්ථානයට දෙල් ,තබ්බා ,සම්බෝලද ඔහු විසින්ම පිළියෙල කරගෙන රෝද තුනේ යතුරු පැදියෙක් හැරමියටද රැගෙන අප බලන්නට ආ වාර අනන්තය.

ඩොක්ටර් ප්‍රභාත් ඔබ වැනි ප්‍රතිපත්තිගරුක මිනිසුන් අවැසිම සමයක ඔබ අපගෙන් සමුගෙන ඇත.

ඩොක්ටර් ප්‍රභාත්ගේ දේහය මීගමුව, තලාදූව පාරේ, ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (29) මඤ්ඤොක්කහේන සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදුකරනු ඇත .

…read more

Source:: Meepura