කඩුවෙල නගර ආසන්නයේ ගින්නක්

කඩුවෙල නගර ආසන්නයේ  බියගම  කැලණි ගං ඉවුරේ  ඉඩමක  ගබඩා කොට තිබූ  ප්ලාස්ටික්  නළ  තොගයක්  ගිනි ගැනීම නිසා අද සවස   විශාල කලු  දුමාරයකින්  කඩුවෙල නගරය වැසී ගියේය.

කඩුවෙල සහ  බියගම පොලිස්  ඒකාබද්ධව  ගිනි නිවන  හමුදාවද කැඳවා ගින්න නිවීමට  බලවත් උත්සහයක යෙදුනද  පැය දෙකක් තිස්සේ  විෂ සහිත දුමාරය  දසත  හමා ගොස් තිබෙයි.

මේ ගින්න  හේතුවෙන්  ඇතිවූ  කලු දුමාරය නිසා නගරයේ වාහන  තද බදයක්ද   ඇතිවූ අතර  බොහෝ වෙලඳසැල් වලද  ප්‍රධාන දොරටු  වසා දැමීමට  අයිතිකරුවන් ක්‍රියා කළහ.

The post කඩුවෙල නගර ආසන්නයේ ගින්නක් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina