පොලීසිය පාතාලයට මෙච්චර බය ඇයි ?

පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතව තිබෙනවා.

ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බව සඳහන්.

පසුගිය 14 වනදා පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතවී තිබුණි.

පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු ප්‍රංශය බලා පිටක්ව ගොස් ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් ඔහුට සහ පවුලේ අයට එල්ලවන බව කියන මරණ තර්ජන හමුවේ බව වාර්තා වෙනවා.

කප්පම් ගැනීමේ සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හීනටියන මහේෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව පවසමින් ඔහුට දුරකථන ඇමතුමක් දී තිබුණි.

පසුගියදා අදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනකුට වස ලබාදීමේ සිද්ධියේ විමර්ශන සිදුකළේද පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකි.

විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග නැවත පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ලවී තිබුණි.

ඒ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් බව පැවසෙයි.

මෙලෙස පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් එල්ලවන දැඩි තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාට සන්තකයේ තබාගැනීම සඳහා නිල ගිනි අවියක් ද නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් සිය ආරක්ෂාව තකා ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබෙන්නේ සිය බිරිඳ සහ සත් හැවිරිදි දියණිය මෙරට ආරක්ෂිත ස්ථානයක සඟවමිනි.

“මට පහුගිය කාලය තුළ කොළඹ සිද්ධවෙච්ච සියලුම මනුෂ්‍ය ඝාතනවලට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ විමර්ශනය කරලා. නමුත් මේ විමර්ශන දිගින් දිගටම කරගෙන යනකොට පාතාල කල්ලි සියල්ල අල්ලගෙන යනකොට මගේ ජීවිතයට සහ මගේ බිරිඳගේත්, දියණියගේත් ජීවිතවලට තර්ජනයක් ආවා. මං ඒවා නොතකා දිගින් දිගටම රාජකාරි කළා. අන්තිමට මම ලංකාවෙන් ආවේ 14 වැනිදා. එදා එනකොටත් මම ආදුරුප්පුවීදිය පොලිසියේ සැකකරුවන්ට වසදීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කරලා ආවේ ප්‍රංශයට. මේ දිගින් දිගටම තියෙන තර්ජන හේතුවෙන් තමයි මම රටින් ආවේ. දැන් මම ලංකාවෙන් ආවත් මගේ දියණිය බිරිඳ මගේ නිල නිවාසයෙන් එළියට ගෙනල්ලා හංගලා තියෙන්නේ. එයාලගේ ජීවිතවලට ලොකු ප්‍රශ්නයක් තියෙන හින්දා. මම ඉල්ලා හිටින්නේ ඒ කට්ටියගේ ජීවිතවලට තර්ජනයක් නොවෙන ආකාරයෙන් එයාලව ආරක්ෂා කරලා දෙන්න කියලා. රටේ, හරි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා නිවැරදි ගමන් මාර්ගයක් ඔස්සේ යනවනම් මට තව …read more

Source:: Info Sri Lanka