ආර්ථික ස්ථාවරත්වයට ඉන්දියන් සාගරයේ බලපෑම – මේජර් ජෙනරාල් ආචාර්ය ප්‍රතාප් තිලකරත්න

අන්තර්ජාතිකව බලන කල්හි මෙරටේ පිහිටීම, ඉන්දීය සාගර බල දේශපාලනය ලෝකයේ ස්ථාවර භාවයට සිදු කරනු ලබන්නේ කුමන ආකාරයේ බලපෑමක්ද යන්න සහ තවත්

අන්තර්ජාතික කරුණු පිළිබඳව අන්තර්ජාතික දේශපාලනය සහ ආරක්ෂාව පිළිබඳ විෂය ප්‍රවීණයකු වන මේජර් ජෙනරාල් ආචාර්ය ප්‍රතාප් තිලකරත්න මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකැසුණි.

ඉන්දියාව යනු මහා ශිෂ්ටාචාරයක තොටිල්ලක් බඳු යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. එක් පසෙකින් ඉන්දියාව ඉන්දීය සාගරයේ ආධිපත්‍යය සඳහා කටයුතු කරද්දී අනෙක් පසින් චීනය ද ඉන්දීය සාගරයේ සහ ආසියානු කලාපයේ සිය ආධිපත්‍යය පැතිර වීමට විශාල උත්සාහයක නිරත වෙති. එබැවින් ඉන්දීය සාගරය තුළ ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් පාලනය කරනු ලබන ආකාරය පිළිබඳව මනාව අධ්‍යයනය කිරීම කාලෝචිත වේ.

අද වන විට ලෝකයේ වඩාත් වැදගත් කලාපයක් බවට ආසියාව මෙන්ම ඉන්දීය සාගරය පත්ව තිබේ. මේ වැදගත්කම වඩාත් තීව්‍ර කිරීමට හේතුවක් බවට පත්ව තිබෙන්නේ මෙම සාගර කලාපය තුළ තිබෙන සමුද්‍ර සන්ධි පිළිබඳව වූ විශේෂත්වයයි. යුදමය අවස්ථාවක සමුද්‍ර සන්ධියක් අවහිර කිරීම හෝ එසේ කරන බවට තර්ජනය කිරීම මඟින් සිදු කළ හැකි බලපෑම විශාලය. මෙවැනි ප්‍රධාන සමුද්‍ර සන්ධියක් අවහිර වීම සිදු කර සැපයුම් මාර්ග අවහිර කළහොත් ඇතිවනු ලබන්නේ කලාපීය වශයෙන් පමණක් නොව ගොලීය වශයෙන්ද විශාල අර්බුදයකි. එය දීර්ඝ කාලීන යුද්ධයකට වුවද හේතුවක් වීමට බොහෝ ඉඩකඩක් තිබේ. උදාහරණයක් ලෙස, දකුණු චීන මුහුදේ බටහිරට වන ලෙස පිහිටා ඇති ඉන්දුනීසියානු සුමාත්‍රා දූපතේ නැඟෙනහිර වෙරළ තීරය සහ මැලේසියාවේ බටහිර වෙරළ තීරය අතර වන මලක්කා සමුද්‍ර සන්ධිය වැනි ස්ථානයක් අවහිර කරනු ලැබුවහොත් ඉන්දීය සාගරය තුළ තම නාවුක කටයුතු සිදු කිරීම මෙන්ම වෙළෙඳ ක්‍රියාකාරකම් සිදු කිරීමට චීනය වැනි බලවත් රටකට පවා අපහසු වනු ඇත. මෙය අනාගතයේදී ඇති විය හැකි තත්ත්වයක් වුවද එවැන්නකට දැනටමත් විකල්ප සෙවීමට චීනය කටයුතු සැලසුම් කර තිබේ. ඒ සඳහා ඇති කරනු ලබන විකල්ප මාර්ගය බවට පත්ව තිබෙන්නේ දකුණු තායිලන්තයේ ක්‍රා ඉස්ත්මස් (දෙපස මුහුද සහිත “ක්‍රා” නමැති පටු බිම් තීරුව) හරහා අන්දමන් මුහුද හා තායිලන්ත බොක්ක සම්බන්ධ කරන ක්‍රා නම් ඇළක් තැනීමයි. එය සුවස් ඇළ මෙන් ගොඩබිම කැණීමෙන් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන ඇළ මඟකි. මලක්කා සමුද්‍ර සන්ධිය අවහිර වීමක් සිදු …read more

Source:: Dinamina