නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයට 2024 වර්ෂයේ පළමුවන වසරට නවක සිසුන් ඇතුළත් කර ගැනීම අතිඋත්සවශ්‍රීයෙන් (26) දින විදුහලේදී සිදු කෙරිණි.
උත්සවයේ ප්‍රධාන ආරාධිතයින් ලෙස පාසලේ වත්මන් අදියුරු පියතුමන් වන ලක්මිණ ප්‍රසංග සිල්වා පියතුමා සහ නදීක මංචනායක පියතුමා, සුදත් නිර්මල් ප්‍රනාන්දු පියතුමා හා ප්‍රාථමික අංශයේ උප විදුහල්පතිනි ප්‍රියන්ති ජයතුංග කන්‍යා සොහොයුරිය සහභාගි වී සිටියේය.
පළමුවන වසරට ඇතුළත් වූ නවක සිසුන් පිළිගැනීම පාසලේ දෙවන ශ්‍රේණියේ සිසු දරුවන් හා පළමු ශ්‍රේණියේ ගුරුභවතුන් විසින් සිදු කළ අතර, ඉන් අනතුරුව නවක දරුවන් වෙනුවෙන් චාම් උත්සවයක් සහ ප්‍රසංගයක් පැවැත්වීමද සිදු කළේය.
උත්සවය සඳහා පාසලේ ගුරුභවතුන් සහ සිසු දරුවන් මෙන්ම පාසලට ඇතුළත් වූ නවක සිසු දරුවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
සමීර අබේසිංහ – නුගේගොඩ සමූහ
The post නුගේගොඩ ශාන්ත ජෝසප් විදුහලට පළමු ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුළත් කර ගැනීම appeared first on දිනමිණ.
Source:: Dinamina