කටාන පොලිස් වසමේ අංක 174/01, කිඹුලාපිටිය, වැරැල්ලවත්ත ලිපිනයේ පදිංචි පතිරත්නලාගේ අශාන් නිමන්ත යන අය විසින් පවත්වාගෙන යනු ලැබූ රතිඤ්ඤා සාදන මඩුවක් ඉකුත් 26 වැනි දින සවස 5.30ට පමණ ගිනි ගෙන පුපුරා යාමෙන් එහි සේවය කළ තිදෙනෙක් බරපතළ පිලිස්සුම් තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස තුවාල ලබා රෝහල් ගත කරන ලද්දේ 22 හැවිරිදි අංක 174/01, වැරැල්ලවත්ත, කිඹුලාපිටිය. පදිංචි පතිරත්නලාගේ අශාන් නිමන්ත (අයිතිකරු) පදිංචි 45 හැවිරිදි ධනුෂ්ක නිරෝෂන්, අංක 55, වැරැල්ලවත්ත පදිංචි හා අංක 174/01, වැරැල්ලවත්ත, කිඹුලාපිටිය පදිංචි 17 හැවිරිදි හිච්චා යන අයයි.
තුවාලකරුවන් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවනු ලැබීය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් කටාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කොච්චිකඩේ – ඩී. මිහිඳුකුල
කටාන – බර්ටි වීරසිංහ
The post කිඹුලාපිටියේ වැරැල්ලවත්තේ රතිඤ්ඤා මඩුවක් පිපිරෙයි appeared first on දිනමිණ.
Source:: Dinamina