රොනී 98දී අවසන් ගමන් යයි

හිටපු මුදල් අමාත්‍යවරයෙක් වූ රොනී ද මැල් මහතා අද(27) සවස අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 98 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයකු විසින් ඉදිරිපත් කළ වැඩිම අයවැය සංඛ්‍යාවට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ රොනී ද මැල් මහතාය.

ඔහු 1977 සිට 1988 දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳපොල ආර්ථිකය ස්ථාපිත කිරීමට මූලික වූවෙකි. 2004 වසර දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු වූ ඔහු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කර ඇත.

The post රොනී 98දී අවසන් ගමන් යයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina