ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිවෙයි

ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම ප්‍රතිපත්ති කෙටුම්පත 2023-09-04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ලැබූ අතර එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තවදුරටත් එම කෙටුම්පත සමාලෝචනය කළ යුතු බවට තීරණය කර තිබිණි.

ඒ අනුව ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලැබ ඇති කමිටුවක් විසින් සංචාරක කර්මාන්තයේ ගැටලු හා විභවතාවයන් හඳුනා ගනිමින්ද, දේශීය හා ගෝලීය අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුගතව යෝජිත ජාතික සංචාරක ප්‍රතිපත්තිය කෙටුම්පත් කළ බව රජය පැවසීය.

මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

The post ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය හිමිවෙයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina