ලීසිං ගෙවා නෑ.. ලොවම බැබලූ ශ‍්‍රීලන්කන් යානා ලීසිං සමාගම් උස්සයි..?

කල්බදු වාරික නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා එකක් දෙකක් හෙට අනිද්දා වන විට අදාළ කල්බදු සමාගම් විසින් රැගෙන යනු ඇති බව වරාය නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

එ් අනුව ගුවන් සේවාව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැතහොත් වසා දමන්නේද යන්න පිළිබඳව සේවකයන් තීරණය කළ යුතුව ඇතැයිද හෙතෙම කියා සිටියේය.

සේවාව පවත්වාගෙන යාමට පරිපාලකයන්ට මෙන්ම වෘත්තීය සමිති වලටද වුවමනාවක් නැතැයි ද අමාත්‍යවරයා චෝදනා කරයි.

සේවකයන් කරන්නේ රාජකාරිය නොකර වැටුප් ගැනීමත් විදෙස් සංචාරවල නිරත නිරතවීම බවත් ඔහු තවදුරටත් පැවසීය.

The post ලීසිං ගෙවා නෑ.. ලොවම බැබලූ ශ‍්‍රීලන්කන් යානා ලීසිං සමාගම් උස්සයි..? appeared first on Ape Rata.

…read more

Source:: Ape Rata