දමිතා සැමියා ගැන විම­ර්ශන

ප්‍රවීණ රංග­න­වේ­දිනී දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා කොරි­යානු රැකියා ලබා­දෙන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව  කොටුව මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහ­තාට ඊයේ (26) දැනුම් දුන්නේය. දමිතා අබේ­රත්න  සහ ඇයගේ සැමියා කොරි­යානු රටට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30කට අධික මුද­ලක් වංචා කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි අතර ඔවුන් දෙදෙ­නාට බොර­ලැ­ස්ග­මුව පොලි­සි­යට පැමි­ණී­මට  දැන්වු­වත් එය නොස­ලකා හැර ඇති බැවින් අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස නොති­සි­යක් නිකුත් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.  එම දෙදෙනා සැක­ක­රු­වන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඒ අව­ස්ථාවේ විමසා සිටි­යේය.

“මෙතෙක් සැක­ක­රු­වන් ලෙස නම් කර නැහැ. විම­ර්ශන අව­ස්ථාවේ සිටින්නේ. පොලි­සි­යට පැමි­ණෙන ලෙස දැනුම් දුන්නද පැමි­ණියේ නැහැ. අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි නොතී­සි­යක් නිකුත් කරන්න“ යැයි පොලිස් නිල­ධා­රීන් කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යා­ගෙන් ඉල්ලා සිටි­යේය. “සැක­ක­රු­වෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකා­ර­යෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කිය­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය.

The post දමිතා සැමියා ගැන විම­ර්ශන appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina