ජන­තා­වගේ ජීවන තත්ත්වය ඉහළ නැංවී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විශාල වැඩ කොට­සක් ඉටු­ක­ර­නවා

බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානයේ අභි­න­ව­යෙන් ඉදි කරන ලද මාර්ගෝ­ප­ක­රණ කාම­රය, විදේ­ශීය සංචා­රක විවේ­කා­ගා­රය, ආපණ ශාලාව ඇතුළු නව ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණය ජනතා අයි­ති­යට පත් කිරීම ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණි. 

1893 ස්ථාප­නය කරන ලද ශ්‍රී ලංකාවේ ආක­ර්ෂ­ණී­යම දුම්රිය ස්ථාන අත­රින් එකක් වන බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානය පරි­හ­ර­ණය කරන විදේ­ශීය සංචා­ර­ක­යින් ඇතුළු මගී ජන­තාව වෙනු­වෙන් සල­සන පහ­සු­කම් තව­දු­ර­ටත් පුළුල් කිරීමේ අර­මු­ණින් සංචා­රක හා ඉඩම් අමා­ත්‍යාං­ශයේ මූල්‍ය ප්‍රති­පා­දන සහි­තව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙම නව ගොඩ­නැ­ඟිලි සංකී­ර්ණය ඉදි කර තිබේ.

මෙම අව­ස්ථා­වේදී අද­හස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා මෙසේ පැව­සීය.

බණ්ඩා­ර­වෙල දුම්රිය ස්ථානය පද­නම් කර ගනි­මින් ප්‍රදේ­ශ­යට නව අග­යක් එකතු වන මෙම අව­ස්ථා­වට දායක වීමට ලැබීම පිළි­බ­ඳව විෂය භාර ඇමැ­ති­ව­රයා ලෙස මා සතු­ටට පත්ව­නවා. උඩ­රට දුම්රිය මාර්ගය පද­නම් කර ගනි­මින් මෙම ප්‍රදේ­ශය ලෝකය පුරා සංචා­ර­ක­යන් අතර අති­ශය ජන­ප්‍රි­ය­ත්ව­යට පත්ව තිබෙ­නවා. ඒ තුළින් මෙර­ටට පැමි­ණෙන විදේ­ශීය සංචා­ර­ක­යන් හරහා විශාල ඩොලර් ආදා­ය­මක් රටට හිමි වනවා මෙන්ම ප්‍රදේ­ශයේ නිෂ්පා­දන සඳහා ද විශාල ඉල්ලු­මක් සහ ආයෝ­ජන ප්‍රමා­ණ­යක් ඇති වෙනවා. ඍජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමා­ණ­යක් බිහි වෙනවා. එය ජන­තා­වගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා විශාල ලෙස උප­කාරි වෙනවා.

සංචා­ර­ක­යන් ඉලක්ක කර­ගත් ඉහළ ගුණා­ත්මක පහ­සු­කම් ප්‍රදේ­ශය තුළ වඩා වර්ධ­නය කිරීම තුළින් සංචා­රක ආක­ර්ෂ­ණය ද වැඩි කර ගත හැකි වෙනවා. දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට සංචා­රක ආක­ර්ෂ­ණය සඳහා විශාල ආයෝ­ජ­න­යක් සිදු කිරීම සඳහා මූල්‍ය තත්ත්වයේ ගැටලු පව­ති­නවා. විෂය භාර ඇමැ­ති­ව­රයා ලෙස මා මේ අමා­ත්‍යාං­ශයේ වග­කීම භාර ගන්නා විට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ ආදා­යම බිලි­යන 2.6යි. එයින් 2.3ක්‌ අ­ති­කාල දීමනා සඳහා වැය වුණා. වැටුප් බිලි­යන 7යි. බිලි­යන දහ­ය­කට වඩා වැඩි අලා­භ­යක් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව දරනු ලැබුවා. දෙපා­ර්ත­මේ­න්තුවේ සියලු දෙනාගේ දාය­ක­ත්වය ද ලබා ගනි­මින් අප ක්‍රියා­ත්මක කළ නව වැඩ පිළි­වෙළ තුළින් ආදා­යම බිලි­යන 13ක් දක්වා වැඩි කර තිබෙ­නවා. වාර්ෂික විය­දම බිලි­යන 36 දක්වා අඩු කර තිබෙ­නවා.

රටක් වශ­යෙන් මුහුණ දී ඇති ආර්ථික අර්බු­ද­යට විස­ඳුම් සපයා ගැනීම සඳහා විදේ­ශීය වශ­යෙන් ණය ලබා ගැනී­මට නොහැකි අව­ස්ථා­වක දේශීය පෞද්ග­ලික අංශය සමඟ හෝ විදේ­ශීය ආයෝ­ජ­ක­යන් සමඟ එක්ව මෙම තත්ත්ව­යෙන් මිදී­මට මාර්ග සොයා­ගත යුතුයි. ඒ අනුව සංචා­ර­ක­යන්ට …read more

Source:: Dinamina