ඉන්දීය අග­මැති මෝදි දිය යට කිමි­දෙයි

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි පසු­ගි­යදා ගුජ­රාට් ප්‍රාන්තය ආස­න්නයේ අරාබි මුහු­දේදී ක්‍රිෂ්ණ දෙවි­යන්ට විශේෂ් පූජා­වක් පැවැ­ත්වීමේ වීඩියෝ පට­යක් මේ වන විට සමාජ මාධ්‍ය­ ජා­ලයේ සංස­ර­ණය වෙමින් තිබේ. එම ක්‍රිෂ්ණ කෝවිලේ නට­බුන් ඇත්තේ ගුජ­රාට් ප්‍රාන්ත­යට බට­හි­රින් පිහිටි ඔකා­ම­න්දල් අර්ධ­ද්වී­පයේ මීට සිය­වස් ගණ­නා­ව­කට පෙර මුහු­දට යට වූ බව කියන ද්වාරකා පූජා නග­රයේ බවත්, ඉන්දීය අග­මැ­ති­ව­රයා මොනර පිහාටු කල­ඹක් ද රැගෙන සිය ආර­ක්ෂක නිල­ධා­රීන් සහ කිමි­දු­ම්ක­රු­වන් සමඟ ඔකා­ම­න්දල් අර්ධ­ද්වී­පයේ සිට බෝට්ටු­ව­කින් අරාබි මුහු­දට ගිය බවත් වාර්තා වේ. පසුව ඔහු දිය යට දී හුස්ම ගැනී­මට භාවිත කරන යන්ත්‍ර­යක් පැලඳ ගැඹුරු මුහුදේ කිමිදී ක්‍රිෂ්ණ කෝවිලේ නට­බුන් අසල මේ පූජාව පවත්වා ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ. අරාබි මුහුදේ වර්ග අඩි දස­ල­ක්ෂ­ය­කට ආසන්න ප්‍රමා­ණ­ය­කට විහිදී ඇතැයි කියන ද්වාරකා පූජා නග­රය ක්‍රිෂ්ණ දෙවි­යන්ගේ නග­රය බවට හින්දු බැති­ම­තුන් අතර විශ්වා­ස­යක් පවතී.

ගුජ­රාට් ප්‍රාන්තයේ තවත් ස්ථාන රැසක විවෘත කිරීම් රැස­කට සහ­භාගි වී ඇති ඉන්දීය අග­මැ­ති­ව­රයා එහිදී ගුජ­රාට් ප්‍රාන්තයේ බේට් ද්වාරකා පූජ­නීය දූපත සහ ඔකා­ම­න්දල් අර්ධ­ද්වී­පය යා කරන එරට දිගම කේබල් පාලම විවෘත කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 120ක් වැය කර­මින් ඉදි කළ ‘සුද­ර්ශන් සේතු‘ නමින් හඳු­න්වනු ලබන මේ කේබල් පාලම කිලෝ මීටර් 2.32ක දුර­කින් සම­න්විත බවත්, එය 8500ක දූප­ත්වා­සීන්ට සහ මිලි­යන දෙකක වාර්ෂික බැති­ම­තුන් පිරි­ස­කට ද්වාරකා පූජා භූමිය වැඳ­ පුදා ගැනීම සඳහා වැඩි අව­ස්ථාව සල­සනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

The post ඉන්දීය අග­මැති මෝදි දිය යට කිමි­දෙයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina