මහ­නු­වර ක්ලිෆර්ඩ් කුස­ලා­නය වර්ජ­නය කරයි

වසර සිය­ය­කට වඩා පැරැණි කීර්ති­මත් ඉති­හා­ස­ය­කට හිමි­කම් කියන ක්ලිෆර්ඩ් කුස­ලාන පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ රග්බි තර­ගා­ව­ලි­යෙන් මහ­නු­වර ක්‍රීඩා සමා­ජය ඉවත් වී ඇතැයි වාර්තා වේ. ක්ලිෆර්ඩ් කුස­ලාන රග්බි තරග බිමේ සාර්ථ­කම කණ්ඩා­යම ලෙස කුස­ලාන 22කට හිමි­කම් කිය­මින් වැඩිම වාර ගණ­නක් කුස­ලා­නය දිනූ කණ්ඩා­යම වන මහ­නු­වර පිල මෙවර ක්ලිෆර්ඩ් කුස­ලාන තර­ග­බි­මෙන් ඉවත් වූයේ පිට පිට තුන්වැනි වර­ටය. අර්ධ අව­සන් පූර්ව වට­යෙන් ආරම්භ වන ක්ලිෆර්ඩ් කුස­ලාන තර­ගා­ව­ලියේ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජය සමඟ පැවැ­ත්වෙන තර­ග­යට ක්‍රීඩා කිරී­මට කොළ­ඹට පැමි­ණී­මට එක­ඟ­තාව පළ කර ඇති මහ­නු­වර ක්‍රීඩා සමා­ජය අව­සන් පූර්ව වට­යට සහ අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබන්නේ නම් එම තර­ගය මහ­නු­වර පව­ත්වන ලෙස රග්බි ආය­ත­න­යෙන් ඉල්ලී­මක් කර ඇතැයි වාර්තා වේ. එහෙත් සෙසු ක්‍රීඩා සමාජ අකමැත්ත ප්‍රකාශ කිරීම හේතු­වෙන් එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කිරී­මට සිදු වූ බව රග්බි තර­ගා­වලි කමි­ටුවේ සභා­පති ෂම්රාත් ප්‍රනාන්දු ‘දින­මිණ‘ට පැවැ­සීය.

‘අපි ටීම් අට­කට ක්ලිෆර්ඩ් කුස­ලාන තර­ගා­ව­ලියේ ඩ්‍රෝ එක හැදුවා. ඒත් මහ­නු­වර කණ්ඩා­යම කියන්නේ එයාලා අව­සන් පූර්ව හා අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලැබු­වොත් එම තරග මහ­නු­වර පව­ත්වන්න කිය­ලයි. යුද හමුදා ක්‍රීඩා සමා­ජය හැර අන් සිය­ලුම ක්‍රීඩා සමාජ එම ඉල්ලී­මට අක­මැති වුණා. ඒ නිසා තර­ගා­වලි කමිටු රැස්වී­මේදී අපි ඒක­ම­ති­කව තීර­ණය කළා සැල­සුම් කළ පරිදි සියලු තරග කොළඹ පව­ත්වන්න. ඒ නිසා මහ­නු­වර ක්‍රීඩා සමා­ජය තර­ගා­ව­ලි­යෙන් ඉව­ත්වුණා.‘ ෂම්රාත් ප්‍රනාන්දු කියා සිටි­යේය.

මහ­නු­වර ක්‍රීඩා සමා­ජය ක්ලිෆර්ඩ් කුස­ලාන තර­ගා­ව­ලි­යෙන් ඉව­ත්වීම හේතු­වෙන් ඔවුන් සමඟ පළමු අර්ධ අව­සන් පූර්ව තර­ග­යට ක්‍රීඩා කිරී­මට නිය­මි­තව සිටි ලීග් ශූර සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජය නිත­රග ජය­කින් අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් ලබා ගත්තේය. මීට පෙර මීට පෙර අව­සන් වරට මහ­නු­වර ක්‍රීඩා සමා­ජය 2018 දී සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජය පරා­ජය කර­මින් අව­සන් වරට ක්ලිෆර්ඩ් කුස­ලා­නය දිනා ගත් අතර, එය මහ­නු­වර පිලේ සුපිරි ක්‍රීඩක ෆාසිල් මරි­ජාගේ සමු­ගැ­නීමේ තර­ගය ද විය. අන­තු­රුව 2019 වස­රේදී සහ පසු­ගිය වස­රේදී ද මහ­නු­වර ක්‍රීඩා සමා­ජය ක්ලිෆර්ඩ් කුස­ලාන තර­ගා­ව­ලි­යෙන් ඉවත් වූයේ ද මහ­නු­ව­රදී තරග පැවැ­ත්වීමේ ඉල්ලීම ප්‍රති­ක්ෂේප වීම හේතු­වෙනි.

පසු­ගිය වසරේ තර­ගා­ව­ලි­යේදී මහ­නු­වර ක්‍රීඩා සමා­ජය සමඟ සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමා­ජය ද සිය ක්‍රීඩ­ක­යන් ආබා­ධ­ව­ලට ලක්වී සිටින …read more

Source:: Dinamina