එන්එ­ස්එල් පිති­ක­රුවෝ වැඩ පෙන්වති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවි­ධා­නය කරන මෙරට ප්‍රධා­න­තම දේශීය එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය වන එන්එ­ස්එල් ජාතික තර­ගා­ව­ලියේ ඊයේ පැවැති තර­ග­ය­කදී යාප­නය පිල ජය මාව­තට යොමු කළ ජනිත් ලිය­නගේ පන්දු 106කදී හයේ පහ­රක් හා හතරේ පහර 14ක් සමඟ ලකුණු 130ක් රැස්කි­රී­මට සමත් වූවේය.

මහ­නු­වර පිලේ ළහිරු උදාර හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් සමඟ පන්දු 61කදී වේග­වත් ලකුණු 93ක් හා නිරෝ­ෂන් දික්වැල්ල පන්දු 49කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 53ක් රැස් කිරී­මට සමත් විය. එම පිලේ කමීල් මිෂාර පන්දු 79කදී හයේ පහ­රක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 76ක්, සහන් ආර­ච්චිගේ පන්දු 66කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ ලකුණු 73ක් එක් කළහ. මහ­නු­වර කණ්ඩා­යමේ ළහිරු මධු­සංඛ පන්දු 79කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 87ක් රැස් කර­මින් දාය­ක­ත්වය ලබා­දුනි.

එමෙන්ම දඹුල්ල පිලේ පවන් රත්නා­යක පන්දු 100කදී හයේ පහ­රක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 90ක්, එම පිලේ රනේෂ් සිල්වා පන්දු 63කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 50ක් එක් කළහ. කොළඹ පළාත් පිලේ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 62කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 53ක්, තරිඳු රත්නා­යක පන්දු 33ක් තුළදී හයේ 3ක් හා හතරේ 5ක් සමඟ ලකුණු 55ක් එක් කළහ.

රංගිරි දඹුලු ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ පැවැති යාප­නය හා මහ­නු­වර පළාත් කණ්ඩා­යම් අතර තර­ග­යෙන් කඩුලු එකක ජයක් යාප­නය පිලට හිමි විය. කාසියේ වාසිය යාප­නය දිනා මුලින් පන්දු රැකී­මට තීර­ණය කළේය.

මහ­නු­වර පළාත් පිල කඩුලු 7කට ලකුණු 359 (ඕවර් 50)

නිරෝ­ෂන් දික්වැල්ල 53, ළහිරු උදාර 93, කමීල් මිෂාර 76, සහන් ආර­ච්චිගේ 73, අහන් වික්‍ර­ම­සිංහ නොදැවී 23, චාමික ගුණ­සේ­කර නොදැවී 10 ( චමත් ගෝමස් 54/2, ජෙෆ්රි වැන්ඩර්සේ 48/2)

යාප­නය පළාත් පිල කඩුලු 9කට ලකුණු 360 (ඕවර් 48.5)

සඳුන් වීර­ක්කොඩි 14, හසිත බෝය­ගොඩ 47, රොන් චන්ද්‍ර­ගුප්ත 25, ජනිත් ලිය­නගේ 120, ළහිරු මධු­සංඛ 87, ඹිරාන් ප්‍රනාන්දු නොදැවී 16, අති­රේක 20 ( චාමික ගුණ­සේ­කර 75/2, ළහිරු කුමාර 73/2, අශේන් ඩැනි­යෙල් 43/2)

දඹු­ල්ලට ජය

මහ­නු­වර පල්ලේ­කැලේ ක්‍රීඩාං­ග­ණයේ පැවැති තර­ග­යෙන් දඹුල්ල පිල කඩුලු 3ක ජයක් වාර්තා කිරී­මට සමත් විය. කාසියේ වාසිය දිනා­ගත් දඹුල්ල පිල මුලින් පන්දු රැකී­මට තීර­ණය කළේය.

කොළඹ පළාත් පිල කඩුලු 9කට …read more

Source:: Dinamina