කොලරා රෝගය පැති­රුණු මගී නෞකා­ව­කට මුරු­සි­යට ඇතු­ළු­ වීම තහ­නම්

කොලරා රෝගය ව්‍යාප්ත වී ඇතැයි අනා­ව­ර­ණය වීමෙන් නෝර්වේ රාජ්‍ය­යට අයත් මගී නෞකා­ව­කට පෝර්ට් ලුයිස් අග­නු­වර වරා­යට පිවි­සීම මුරු­සියේ රජය විසින් තහ­නම් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ සෞඛ්‍ය අව­දා­නම සැල­කි­ල්ලට ගෙන එම පිය­වර ගෙන ඇතැයි ද වැඩිදුර­ටත් වාර්තා වේ. මගීන් 2,184 දෙනකු සහ කාර්ය මණ්ඩ­ලයේ 1,026 දෙනකු සිටින බව කියන එම නෞකාවේ කොලරා රෝගය වැල­ඳුණු බවට සැක කරන රෝගීන් 15 දෙනකු නෞකාවේ හුදෙ­කලා කර ඇතැයි ද, ඔවුන්ගේ මල­පහ සාම්පල පරී­ක්ෂණ සඳහා යොමු කර ඇති අතර, එහි ප්‍රති­ඵල අද දින­යේදී ලැබෙනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නෞකාවේ බොහෝ මගීන් අතර උද­රයේ වේද­නාව වැනි කොලරා රෝග ලක්ෂණ පව­තින බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. අප්‍රි­කානු රට­වල් රැසක මේ වන විට කොලරා ව්‍යාප්තියේ අව­දා­න­මක් මතු වී ඇති අතර, මේ වසරේ ජන­වා­රියේ සිට දකුණු අප්‍රි­කානු රට­වල් 7කින් කොලරා රෝගීන් ලක්ෂ දෙක­කට ආසන්න සංඛ්‍යා­වක් සහ මරණ තුන්ද­හ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් වාර්තා වී තිබේ.

The post කොලරා රෝගය පැති­රුණු මගී නෞකා­ව­කට මුරු­සි­යට ඇතු­ළු­ වීම තහ­නම් appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina