යොවුන් ක්‍රිකට් පසු බැසීම පිළි­බඳ ඉහළ මට්ටමේ අව­ධා­න­යක්

ශ්‍රී ලංකාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැසී­මට හේතු සොයා එය නඟාසිටු­වී­මට අවශ්‍ය යෝජනා සමඟ වාර්තා­වක් දින 7ක් ඇතු­ළත ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යට ලබා­දෙන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් පුහුණු කළ­ම­නා­කා­රිත්ව­යට දැනුම් දෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් විශේ­ෂඥ පුහු­ණු­කරු මහේල ජය­ව­ර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් උප­දේ­ශක සනත් ජය­සූ­රිය හා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍ය­ස්ථාන ප්‍රධානි ටිම් මැක්ස්කිල් යන මහ­ත්වරු විසින් මෙම වාර්තාව සකසා භාර­දිය යුතු බව පසු­ගි­යදා පැවැති රැස්වී­ම­කදී ක්‍රීඩා ඇමැ­ති­ව­රයා දැනුම්දී තිබේ.

මෙම වාර්තාව සකස් කිරී­මේදී 15න් පහළ සිට ක්‍රිකට් ක්‍රීඩා කරන වයස් කාණ්ඩ සම්බ­න්ධව වෙන වෙනම අව­ධා­නය යොමු කළ යුතු බවත්, අන­තු­රුව ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ ක්‍රියා­ත්ම­ක ­වන සංව­ර්ධන සංචි­තය, ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩා­යම හා නැගී එන ක්‍රිකට් කණ්ඩා­යම පිළි­බඳ සැල­කි­ල්ලට ගත යුතු බව ක්‍රීඩා ඇමැ­ති­ව­රයා දැනුම්දී තිබේ. එම වාර්තාවේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව නංවා­ලී­මට අවශ්‍ය ඉදිරි වැඩ­ස­ට­හන්, යෝජනා සඳ­හන් විය යුතු අතර, ඒවා කෙටිකාලී­නව, මධ්‍යකාලී­නව හා දිගුකාලී­නව ක්‍රියා­ත්මක කළ හැකි වන පරිදි වර්ගී­ක­ර­ණ­ය­කට ලක් කරන ලෙස ද දැනුම්දී තිබේ.

ඒ අනුව යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසු බැසී­මට හේතු සොයා එය නඟාසිටු­වී­මට අවශ්‍ය යෝජනා සමඟ සකස් කරන ලද සවි­ස්තර වාර්තාව ඉක්ම­නින්ම ක්‍රීඩා ඇමැ­ති­ව­රයා වෙත ලැබෙනු ඇතැයි පැවැසේ. එම වාර්තාව ලැබී­මෙන් අන­තු­රුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධා­යක සභාව හා ඇමැ­ති­ව­රයා අතර විශේෂ සාක­ච්ඡා­වක් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පත්වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධා­යක සභාව, ජාතික ක්‍රීඩා සභාව හා ජාතික ක්‍රිකට් තේරීම් කමි­ටුව අතර හමු­වක් පසු­ගි­යදා පැවැති අතර, එම රැස්වී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් විශේ­ෂඥ පුහු­ණු­කරු මහේල ජය­ව­ර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් උප­දේ­ශක සනත් ජය­සූ­රිය හා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍ය­ස්ථාන ප්‍රධානි ටිම් මැක්ස්කිල් යන මහ­ත්ව­රුන්ට ද කැඳ­වීම් කර ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය විමසා ඇත.

මෙම හමු­වේදී යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම පිළි­බඳ විශේෂ අව­ධා­න­යක් යොමුවී ඇති අතර, එහිදී ක්‍රිකට් යාන්ත්‍ර­ණයේ ගැට­ලු­වක් පවතී ද යන්න ගැඹු­රින් විම­ර්ශ­නය කළ යුතුව ඇතැයි ක්‍රීඩා ඇමැ­ති­ව­රයා පෙන්වා දුන්නේය. එබැ­වින් එම ගැටලු හඳු­නා­ගෙන වහාම නිවැ­රදි කිරීමේ අව­ශ්‍ය­තාව මත යොවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබැසී­මට හේතු සෙවීම වැද­ගත් බව පෙන්වා දී තිබේ.

මෙයට දශ­ක­ය­කට පමණ පෙර …read more

Source:: Dinamina