කර­න්දෙ­ණියේ PHI මැරුවේ කොන්ත්‍රාත්තුවකට

කාටත් උදවු කරපු මගේ මහ­ත්තයා මරන්න කාටද වුව­මනා වුණේ? – බිරිය හඬා වැටෙයි

පොලිස් ස්ථාන 3කින් පුළුල් විම­ර්ශන

ර­න්දෙ­ණිය පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක රොෂාන් කුමාර මහ­තාගේ ඝාත­නය කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව සිදුවූ පාතා­ලයේ ඝාත­න­යක් බවට පොලි­සිය සැක කරයි.

මෙම ඝාත­නය රාජ­කාරි මට්ට­මින් ඔහුට පැමිණි තර්ජ­න­යක ප්‍රති­ඵ­ල­යක් බව සැක කරන්නේ යැයි උසස් පොලිස් නිල­ධා­රි­යකු සඳ­හන් කළේය. මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ භාණ්ඩා­ගා­රික ලෙසද කට­යුතු කරන රොෂාන් කුමාර  මහතා නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන නිල­ධා­රි­යෙක් බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.

ඒ හේතුව නිසා ඔහු සමඟ උරණ වී සිටින පුද්ග­ල­යන්  ප්‍රමා­ණය විශාල බව ද අනා­ව­ර­ණය වී තිබේ. රොෂාන් කුමාර මහතා වෘත්තිය වෙනු­වෙන් දැඩිව කැපවී කට­යුතු කරන නිල­ධා­රි­යෙක් බැවින් ඔහු යටතේ සිටින නිල­ධා­රි­ය­කුට පවා යම් වැරදි ක්‍රියා­වක් කිරී­මට ඉඩ නොලැ­බෙන බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

මුහුණු ආව­ර­ණය කර ගත් යතු­රු­පැ­දි­ය­කින් පැමිණි නාදු­නන තුව­ක්කු­ක­රු­වන් දෙදෙ­නකු විසින් කර­න්දෙ­ණිය පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක රොෂාන් කුමාර විතා­නාච්චි (51) මහ­තාට ඊයේ (26)  පෙර­වරු 6.50ට පමණ මි.මී.09 වර්ගයේ ගිනි අවි­ය­කින් වෙඩි තබා ඝාත­නය කර පළා ගොස් තිබිණි.

එම පුද්ග­ලයා විසින් ඒ මහ­තාට ගිනි අවි­ය­කින් වෙඩි හත­රක් තබා ඝාත­නය කර ඇති බව පොලි­සිය කියයි.  දරු තිදෙ­න­කුගේ පියකු වන ඔහු තම බාල පුත­නු­වන් ඊයේ දින පාස­ලට භාර­දී­මට නිය­මි­තව සිටි අතර දරු­වාගේ ඇඳුමේ පැළ­ඳීම සඳහා පරි­ග­ණ­ක­යෙන් (නේම්ටැග්) නාම­පු­ව­රු­වක් සකස් කර­මින් සිටිය දී මෙසේ වෙඩි තබා නිවස තුළම ඝාත­නය කර ඇති බව පොලි­සිය කියයි. යතු­රු­පැ­දි­ය­කින් වෙඩි­ක්කරු පැමිණ ඇති බව පොලි­සිය කියයි. යතු­රු­පැ­දිය නිවස ආස­න්නයේ නතර කොට වෙඩි­ක්කරු නිව­සට පැමිණ වෙඩි තබා පලා ගොස් තිබේ. ඔහු සමඟ තවත් පුද්ග­ල­යෙක් පැමිණ ඇති අතර  ඔහු පැදි­කරු වේ. මෑතක දී ඔහු බහු­ජා­තික සමා­ග­මක ආහාර නිෂ්පා­ද­න­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක නිර­තව සිට ඇති බවට තොර­තුරු ද ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය. ඒ සම්බ­න්ධ­යෙන්ද විම­ර්ශ­න­වල දී විශේෂ අව­ධා­න­යක් යොමු කරන බව එම නිල­ධා­රියා කීය. මෑත කාලයේ රොෂාන්  කුමාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් සිදු­කළ වැට­ලීම් සහ නඩු  සම්බ­න්ධ­යෙන්ද විශේෂ අව­ධා­න­යක් විම­ර්ශ­න­ව­ලින් යොමු කර ඇත. දුර­ක­ථන ජාල විශ්ලේ­ෂ­ණ­යක්ද සිදු­ක­ර­මින් විම­ර්ශන  පැවැ­ත්වෙන බව පොලි­සිය කියයි.

ඇල්පි­ටිය වැඩ බලන …read more

Source:: Dinamina