දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ

දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනිදා සිට ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.

දේශබන්දු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් ද වේ.

1998 වසරේදී දේශබන්දු තෙන්කෝන් පොලිස් සේවයට එක්වූයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙසයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතව තිබිණ.

…read more

Source:: News Tube