දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.ඒ මහතා මාස 3ක කාලයක් වැඩ බලන පොලිස්පති තනතුරෙහි කටයුතු කළේය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම පත්කිරීම සිදු කර ඇත.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගැන්වීය.

The post දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina