ලෝක වාර්තාවකට සැරසෙන විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා

ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සාහයක නිරත වීම අද (26) දිනයේ සිදුවිය

මෙලෙස ත්‍රි රෝද රථය පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිමට සුදානම් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර විශ්‍රාම ගොස් සිටින මදුරන්කුලිය මුක්කුතොඩුවාව පදිංචි ඉන්ද්‍රනායක මුදියන්සේලාගේ ලක්ෂමන් නිශාන්ත කුමාර නැමති 45 හැවිරිදි  දරුවන් පස් දෙනෙකුගෙ පියෙකී.

ත්‍රී රෝද රථයක පටුපසට ධාවනය කරමින් මුක්කුතොඩුවාව ගම්මානයේ සිට මදුරන්කුලිය නගරයට පැමිණ අනතුරුව පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ බත්තුළුඔය මාර්ග  බාධකය වෙත පැමිණ  නැවතත් ආපසු මුක්කුතොඩුවාව  ගම්මානයට පැමිණියේය.

මෙම අවස්ථාව දැක බලා ගැනීමට විශාල  පිරිසක් මඟ දෙපස රැඳී සිටිමින්  සිටිමින් ඔහුව ධෛර්යමත් කරන්නට කටයුතු අයුරු දක්නට ලැබිණි.  පැයට කිලෝමීටර් හතළිහත් පනහත් අතර වේගයෙන්  ධාවනය කළ ඔහු මෙම දුර ප්‍රමාණය පැය 2 යි  විනාඩි 33 කින් නිම කිරීමට සමත් විය.

කිසිදු උපද්‍රවයකින් තොරව සාර්ථක අන්දමින් මෙම  වීර ක්‍රියාව නිම කළ ඔහු  ගම්මානයේ ජනතාව උණුසුම් අන්දමින් පිළිගත්හ. මදුරකන්කුලිය  සහ මුන්දලම පොලිසියේ රථවාහන අංශ වල නිළධාරීන් ඔහුට ආරක්ෂාව ලබාදීමට කටයුතු කළේය.ලෝක වාර්තාවක් පිහිටුවා රටට  ගෞරවයක් ලබාදීම  තමන්ගේ එකම බලාපොරොත්තුව බව නිශාන්ත බණ්ඩාර මෙහිදී කියා සිටියේය.

ගුවන් හමුදාවේ සෙබළෙකු වන වන නිශාන්ත විවිධ කේෂත්‍ර වල නිරත වෙමින් සුවිශේෂ දැක්වු අයෙකි.  තම අරමුණ පිළිබදව අදහස් දැක්වු ලක්ෂමන් නිශාන්ත කුමාර මහතා මෙසේ පවසන්නට විය.

“අද මට හරිම සතුටුයි.මොකද මේ වන විට කිසිම කෙනෙකු ත්‍රි විලර් රථයක් මේ ආකාරයට කිසිම කෙනෙකු මේ තරම් දුරක් පිටුපසට ධාවනය කර නැහැ.මම අද ධාවනය කල දුරට වඩා තවත් ඕන තරම් දුරක් මට ත්‍රි රෝද රථය ධාවනය කරන්න පුළුවන් කම තිබෙනවා.

ඒ නිසා මම ඉදිරියෙදී මෙය ලෝක වාර්තාවක් බවට පත් කරන්න කටයුතු කරනවා යැයි ඔහු පවසන්නට විය. මෙහි අධික්ෂණ කටයුතු  මදුරකන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතා සමග  මුන්දලම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසිත ලක්රුවන් මහතා ඇතුළු රථවාහන නිළධාරීන් එක්ව      සිදු කල අතර  මෙම අවස්ථාව දැක බලා ගැනීම ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණි සිටියහ.

The post ලෝක වාර්තාවකට සැරසෙන විශ්‍රාමික ගුවන් හමුදා සෙබළා appeared first on …read more

Source:: Dinamina