ග්‍රහලෝකාගාරය තාවකාලිකව වැසෙයි

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර  ඇති බව නිවේදනය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව හෙට (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත.

එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත

The post ග්‍රහලෝකාගාරය තාවකාලිකව වැසෙයි appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina