විසන්ධි කළ විදුලි සබඳතා නැවත ලබා ගැනීමේදී සහනයක්

විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම ආදී පාර්ශ්ව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ විදුලි මිල සම්බන්ධයෙන් බලපාන අනෙකුත් සියලු කරුණු විග්‍රහාත්මකව සමාලෝචනය කොට පවතින විදුලි මිල 33% කින් පමණ අඩු කළ හැකි බවට විශේෂඥයන් දක්වන මතය ද සැළකිල්ලට ගෙන අවම වශයෙන් 20% ඉක්මවූ ප්‍රතිශතයකින්, 2024 වර්ෂයේදී විදුලිබල මණ්ඩලයට ද අලාභයක් නොවන පරිදි අඩු කළ යුතු බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ කරන ලදි.

ඒ අනුව මේ මස අවසන් වන විට විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදරිපත් කළ හැකි බව මහජන උපයෝගිත කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතායේ සභාපතීත්වයෙන් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙවර කාරක සභාවේ සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යංශ , මුදල් අමාත්‍යංශය , ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන උපයයෝගීතා කොමිෂන් සභාව , කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල නිලධාරීන්ත ද,සුළු සහ මධ්‍ය පරිමාණ්ඩ කර්මාන්ත මණ්ඩලය ඇතුළු ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පිරිසක් ද කැඳවා තිබුණි.

සෘජුවම ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව ඇති ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත හඳුනා ගැනීමත් එම කර්මාන්ත ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීම තුළින් දේශීය ආර්ථිකය සක්‍රිය කර ගැනීමත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නංවා ගැනීමත් යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම කාරක සභාව මෙහිදී නියෝග කිහිපයක් අදාළ ආයතන හා නිලධාරීන් වෙත ලබා දෙන ලදි.

ඒ අනුව විදුලි බිල ඉහළ යාම් නිසා දිවයින පුරා මේ වන විට වාර්ථා වී ඇති විදුලිය සම්බන්ධතා කපා හැරීම් ලක්ෂ 10 ඉක්මවන බව පෙන්වා දුන් කාරක සභාව කර්මාන්ත ක්ෂේත්‍රයට සහ සමාජයට ඇති වී තිබෙන පීඩනය සමනය කීරීම සඳහා වාරික පදනමින් හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම සහිතව මූලික අවස්ථාවේදී හිඟ ගාස්තුවෙන් 50% ක් පමණක් අය කර ගනිමින් නැවත විදුලිය සම්බන්ධතා ලබා දීමට කටයුතු කළ යුතු බව කාරක සභාව මෙහිදී නිර්දේශ කරන ලදී.

එමෙන්ම ස්ථාවර විදුලිය සම්බන්ධතා ලබා ගැනීමේදී …read more

Source:: Dinamina