යුද-දේශපාලනික පසුබිම තුළ මුලින් එන්නෙ මොන ඡන්දෙද?

අජිත් පැරකුම් ජයසිංහ

පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳ තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. ඒත්, ජනාධිපතිවරණය නියමිත කාලයට කලින් පවත්වන්නට වර්තමාන ජනාධිපතිවරයාට බලතල නැති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පවස්. දැන් ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කලින් විසුරුවයිද, නැද්ද කියන එකයි.

බොහෝ අවස්ථාවලදී ජනාධිපතිවරණය පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙරයි. 1982ී ජනාධිපතිවරණය පවත්වා, ඉන් පසු ජනමත විචාරණයක් පවත්ව අතුරු මැතිවරණ 18ක් පවත්වන ලැබුවේ 1983දීයි.

1988 නොවැම්බර් ජනාධිපතිවරණය පැවැත්වූ අතර මහ මැතිවරණය පැවැත්වුණේ 1989 පෙබරවාරි මාසයේදීය

1999 දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්වෙන අතර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ ඉන් පසුව 2000 ඔක්තෝබරයේදීයි. පාර්ලිමේන්තුව ස්ථාවර කරගන්නට නොහැකි වන නිසා 2001 දෙසැම්බරයේදී නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නට සිදු වේ. රනිල් වික්‍රමසිංහ අගමැති වෙමින් ද්විත්ව බලයක් නිර්මාණය වේ.

2004දි ‌ගැඹුරු බල අර්බුදයක් නිර්මාණය විය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා සහ අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව අතර ගැටුමක් නිර්මාණය විය. ඒ නිසා චන්ද්‍රිකා පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැර 2004 අප්‍රේල් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවාය. ජනාධිපතිවරණය පැවැත්වුණේ 2005 නොවැම්බර් මාසයේදීය.

2010දිත්, ජනාධිපතිවරණය ජනවාරිවල පැවැත්විිි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ අප්‍රේල්වලය.

2015දී ජනාධිපතිවරණය ජනවාරි මස පැවැත්වුණ අතර මහ මැතිවරණය පැවැත්වුණේ අගෝස්තු මාසයේදීය.

2019 නොවැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්වුණ අතර මහ මැතිවරණය 2020 අගෝස්තු මස පැවැත්විණි.

බලයේ සිටින හෝ බලයට එන්නට අපේක්ෂා කරන ජනාධිපතිවරයා බොහෝ විට ජනාධිපතිවරණය කලින් පවත්වන්නට කැමති බව පෙනේ. ඔහුගේ/ ඇයගේ අරමුණ වේ වෙන්නට ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් උපරිම සහාය ලබාගැනීමයි. එහෙම නැතිනම්, තනි පුද්ගලයකුගේ ජනාධිපතිවරණ සටනට සංවිධායකයන් එතරම් උනන්දුවෙන් උරදේ නැත. 2005දී මහින්ද රාජපක්ෂ මෙම තත්වයට මුහුණ දුන් අතර, ජවිපෙ උපකාර නොලැබිණි නම්, ඔහු ජනාධිපතිවරණය ජයගන්නේ නැත.

ඒ අනුව බැලුවොත් ජනාධිපතිවරණය කලින් පැවැත්වෙන්නට ඉඩ තිබේ.

ඒ වගේම, ජනාධිපතිවරණය දිනන අපේක්ෂකයාගේ පක්ෂයට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය වාසිදායකය. ඒ නිසාත්, ජනාධිපතිවරණය කලින් පවත්වන්නට ඉඩ තිබේ.

ඒත්, මේ වන විට තත්වය වෙනය. ත්‍රස්තවාදී ඉතිහාසයක් ඇති, තවමත් ක්‍රම විරෝධී හෙවත් රාජ්‍ය විරෝධී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ මෙම ආර්ථික අර්බුදය තුළ ජනප්‍රිය වී ඇත. ඔවුන් ජනප්‍රිය වී තිබෙන්නේ කිසිදු ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමෙන් නොවේ. එසේම, ඔවුන්ගේ දෘෂ්ටිවාදීමය පදනමින් ද නොවේ. ආර්ථික අර්බුදය නිසා ජනතාව තුළ ඇති වන අසහනකාරීත්වය මැද ඔවුන් කරන්නේ …read more

Source:: Aithiya