ජනාධිපතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීමට සිතීම පවා විනාශකාරී ය – ගාමිණී වියන්ගොඩ

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව 18 දා කොළඹ දි කතිකාවක්

ගිය වර මේ කොලමේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා කෙරුණා. ඒ යෝජනාව පසුපස,

එළැඹෙන ජනාධිපතිවරණය දවසකින්වත් කල් දමා ගැනීමේ උවමනාවක් නොතිබුණු බව, ඒ ලිපියේ දක්වා ඇති සෑම කාරණයකින්ම අවධාරණය කෙරුනා.

එසේ තිබියදී පවා, ජනාධිපතිවරණය කල්දමාගැනීමේ උත්සාහයකට ඈතින් හෝ තල්ලූවක් එයින් සැපයෙතියි ඉඟි කිරීමට ඇතැම් මිතුරෝ උත්සාහ කළහ. ඒ  නිසා, අවසානාත්මක වශයෙන් නැවතත් මෙසේ ලියනු කැමැත්තෙමි.

ඉදිරි ජනාධිපතිවරණය නොපැවැත්විය යුත්තේ, ජනාධිපති ක්‍රමය ලබන සැප්තැම්බර් මාසයට පෙර අහෝසි කරන්නේ නම් පමණි. අහෝසි කිරීම, ප්‍රායෝගිකව කළ හැකි දෙයකට වඩා නොකෙරෙන දෙයක් වීමට සෑම ඉඩකඩක්ම ඇති බව ඇත්ත. ඒ විෂය සම්බන්ධයෙන් අපේ නායක නායිකාවන්ගේ අතීත චර්යාවන් දෙස බලන විට, අහෝසියක් වීමට වඩා නොවීමට ඇති ඉඩකඩ වැඩියි. එහෙත්, දුරස්ථ වශයෙන් හෝ විය-හැකියාවක් පිළිබඳ සංවාදයක් පවත්වාගෙන යාම, අලූතෙන් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන කාලයක කාලය කාදැමීමක් නම් නොවනු ඇත.

එබැවින් මේ විධායක ජනාධිපති ක්‍රමය නැති කෙරෙන දවස දක්වාම, ඒ සංවාදය ගෙන යා යුතුව තිබේ. ඉදිරියේදී බලයට පත්වෙන ජනාධිපතිවරුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා, එක් නිශ්චිත මොහොතකදී, මේ ක්‍රමය තවත් නම් ඕනෑ නැතැයි මුළු රටටම ඒත්තු යාමේ අවස්ථාවක්, අහම්ඛෙන් හෝ උදා වීමට බැරිකමක් නැත.

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක් වේද? -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

කරුණු එසේ වෙතත්, විධායකය අහෝසි කිරීමේ සටන්පාඨයම, ව්‍යාජ සහ කූට අර්ථයකින් ගත් විට, යම් නායකයෙකුගේ පටු අභිලාෂයන් මුදුන්පත් කරගැනීමටත් ඉවහල් විය හැකිය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් රට පුරා මතුවන්නේ ඒ ප්‍රශ්නයයි. ඊට හේතුව, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ව්‍යාපාරයක නායකත්වයට ඔහු සතුව ඇති සුදුසුකම්වලට වඩා නුසුදුසුකම් වැඩි වීම ය. තමා කෙරෙහි රටවැසියා තුළ ඇති විශ්වසනීයත්වය අඩුම දේශපාලනඥයා ඔහු වීම ඊට එක් හේතුවකි. බලය සම්බන්ධ කාරණයේදී ඔහු වනාහී ‘විශ්වාසය තැබිය නොහැකි’ කෙනෙකු බව, දේශපාලනය ගැන යම් උනන්දුවක් දක්වන බහුතරයකගේ මතයයි. 

ඉතා මෑත අතීතය පමණක් සලකා බැලූවත්, පසුගිය පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන පිළිගත හැකි උත්තරයක් දීමට අද වන තෙක් ඔහු අසමත්ව සිටී. ඒ සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන අදාළ අයවැයෙන් පවා වෙන් කර තිබියදීත්, එම මැතිවරණය නොපැවැත්වීමට ඔහු කටයුතු කළ ආකාරය අති …read more

Source:: Aithiya