දෙවියන්ගේ භාරයට හින්ඳු ජනයා පවත්වන ගොන් කරත්ත තරඟය

කුඹුරුවල වී අස්වැන්න නෙලීමෙන් පසුව හින්දු ජනතාව චාරිත්‍රක් වශයෙන් පවත්වන ගොන් කරත්ත ධාවන තරගයක් මුලතිව් විශ්වමඩු  ක්‍රීඩාංගණයේදී ඊයේ (25)  පවත්වනු ලැබීය.

මෙම තරගාවලියට ගොණුන් දෙදෙනා බැගින් බදිනු ලබන ගොන් කරත්ත 38 ක් සහභාගී කරවා තිබූ අතර ඉන් ජය ලැබූ කරත්ත කරුවන්ට ත්‍යාග හා අලුත් ඇදුම් ප්‍රදානය කළ අතර ගොණුන්ටද ආහාර පානාදියෙන් සංග්‍රහ කර ඇත.

වවුනියාව මන්නාරම කිළිනොච්චිය හා මුලතිව් යන පළාත් වල සිට ලොරිවල කරත්ත හා ගොණුන් පටවා ගෙන මුලතිව් වලට පැමිණි කරත්ත අයිතිකරුවෝ දෙවියන් වැද ආගමික චාරිත්‍ර ඉටුකොට  තම කරත්තය හා ගොණුන්  කරත්ත තරගය සදහා එක් කරනු ලබයි.

හින්දු භක්තිකයින් විසින්  වී අස්වැන්න නෙලීමෙන් පසුව මෙවැනි ගොන් කරත්ත රේස් පවත්වනු ලබන්නේ දෙවියන්ට වූ බාරයක් ඔප්පු කිරීමේ අරමුණින් හා තම ගවයාගේ ශක්තිය සෙසු පිරිස අතර  ප්‍රදර්ශනය කිරීමේ අරමුණිනි.

ගොන් කරත්ත රේස් වලින් පරදින හා තරගය නිමා කිරීමට විශාල කාලයක් ගත කළ ගොණුන් එම තරගයෙන් පසුව කෘෂිකාර්මික කටයුතු වලට යොදා නොගැනීමට අතීතයේ සිට හින්දු ජනතාව පුරුදුව සිටි අතර එවැනි ගොණුන් නිදහස් කොට නිදැල්ලේ යාමට ඉඩ හරිනු ලබයි.

දකුණේ ජන සමාජය තුළ ”පින් ගොණුන්” ලෙස සලකනු ලබන්නේ එවැනි ගොණුන් වෙයි

The post දෙවියන්ගේ භාරයට හින්ඳු ජනයා පවත්වන ගොන් කරත්ත තරඟය appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina