ජාත්‍යන්තර බලපෑම්වලට යටවෙන්නේ නැ – පොලිස් ඇමති

ජාත්‍යන්තරයෙන් කොතරම් බාධා පැමිණුනත් යුක්තිය මෙහෙයුම නතර කිරීමට කිසිසේත්ම ඉඩ ලබා දෙන්නේ නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් අවධාරණය කර සිටියි.

ඔහු එබව කියා සිටියේ, බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ වැඩමුළුවකට එක්වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසිය.

“අප විසින් යුක්තිය මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ මාස ගණනාවක් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රටේ පවතින වාතාවරණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගනිමින්. ඉන් අනතුරුව පසුගිය දෙසැම්බර් මාසයේ දකුණු පළාතෙන් මෙම මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ දූ දරුවන් දෙමාපියන් ඇතුළු සෑම ජන කොටසක්ම විශාල කනස්සල්ලකින් පසු උනා. එය කොතරම් උග්‍ර ලෙස ජනතාව පීඩාවට පත් කර තිබෙනවාද යන්න පිළිබඳව මෙම මෙහෙයුම ආරම්භ කරන තුරුම අපට පැහැදිලි අවබෝධයක් පැවතුණේ නැහැ. නමුත් ගෙවුණු මාස දෙකක පමණ කාලය තුළ අපට ලැබෙන දුරකථන ඇමතුම් වලින් ජනතා අදහස්වලින් ජනතාව පීඩනයකට පත්ව සිටියාද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබී තිබෙනවා. පවුල් කැඩී බිඳී ගොස් දරුවන් අනාථ වී තිබෙනවා. එම තත්වය රට පුරාම පැතිර ගොස් තිබෙනවා.

මේ පිළිබඳව අවධානය යොමු කරමින් වැඩබලන පොලිස්පතිට සහ විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිට නීච ඉතාමත් තදින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මා ලබා දුන්නා. එහිදී අපේ විශේෂම අවධානය යොමු වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාලය සම්පූර්ණයෙන්ම අවසන් කර දැමීමටයි. ඒ අනුව රටේ සෑම පළාතකම ජනතාවට දැනෙන වෙනසක් මේ වන විටත් සිදුව තිබෙනවා. එහිදී මතුවන ඕනෑම බාධකයකට මුහුණ දීමට අප සූදානම්.

අප මේ මෙහෙයුම සිදු කරන්නේ රටේ සහ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමට. එම නිසා ජාත්‍යන්තරයෙන් කොතරම් බාධා පැමිණුනත් මෙම මෙහෙයුම කිසිසේත්ම නතර කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීයව ද යම් යම් පිරිස් අපට බාධා කිරීම ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගන්නා රාජ්‍ය නොවන සංවිධානවල අතලොස්සක්, නීතිඥවරු අතලොස්සක් මේ මෙහෙයුම් නතර කිරීමට උත්සාහ දරනවා. වැඩ බලන පොලිස්පතිවරයාට එරෙහිව මේ වන විට නඩු හතකට වඩා පවරා තිබෙනවා. ඒ සෑම නඩුවකින්ම ඉල්ලා සිටින්නේ ඔහු පොලිස්පති තනතුරට පත් නොකරන ලෙසයි.
<br …read more

Source:: News Tube