SJB හා NPP වෙන්න මුදල් ඇමතිලා අතර ප්‍රසිද්ධ විවාදයක්!

ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුවක් පිහිටුවහොත් මුදල් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලද සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ යන මහත්වරුන් සමඟ තම පක්‍ෂය විවාදයකට සූදානම් බව සමග ජන බලවේගය සඳහන් කරයි.

සමගි ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍ය ධුරය දරන හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න හා කබීර් හෂීම් යන මහත්වරුන් එම විවාදයට පැමිණෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

එහිදී පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාද කරගත හැකි බවද ඔහු සඳහන් කළේය.

නමුත් ජාතික ජන බලවේග නියෝජිතයන් කිසිසේත්ම මෙම විවාදය සඳහා නොපැමිණෙන බව තමන් සක් සුදක් සේ දන්නා බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.

The post SJB හා NPP වෙන්න මුදල් ඇමතිලා අතර ප්‍රසිද්ධ විවාදයක්! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka