පාසල් සිසුන් ලක්ෂ 17කට නොමිලේ ආහාර, ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනකුත්!

දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල ඉගෙනුම ලබන සෑම සිසුවෙකු සඳහාම එළඹෙන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17කට උදෑසන 07.30 ට මෙම ආහාර වේලක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රාථමික අංශවල සිසුන් ලක්ෂ 17කට ආහාර වෙිලක් ලබාදීම සදහා රජය විසින් රුපියල් බිලියන 16.6ක් වෙන්කර ඇති බවද සදහන් කරයි.

මන්ද පෝෂණයට ගොදුරු දරුවන් සම්බන්ධයෙන් මෑත කාලීනව සෞඛ්‍ය අංශ කළ අනාවරණයන් පිළිබඳ සලකා බලා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කළ ආහාර වට්ටෝරුවකට අනුව ආහාර වේල සකස් කර ලබාදීමට නියමිත අතර එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අධීක්ෂණය කිරීමට නියමිතව ඇත.

“ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025”

මේ අතර පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

ඒ අනුව මෙරට 10126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

ඒ අනුව මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ මීට අදාල සියලු තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ඉදිරි දින කිහිපයේදී දැනුම් දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

The post පාසල් සිසුන් ලක්ෂ 17කට නොමිලේ ආහාර, ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනකුත්! appeared first on Info Sri Lanka News | www.infosrilanka.lk.

…read more

Source:: Info Sri Lanka