ලොරියක ගැටී කර්මාන්ත ශාලා සේවකයා මරුට

ජාඇල සිටි ඒකල දෙසට ගමන් ගනිමින් සිටි ලොරියක ගැටී ඒකල ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි වයස 41 වු පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව රාගම ශීක්ෂණ රෝහලට අතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාතලේ, තවලංකොය,උකුවෙල ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහ ආරචිචිගේ ගයාන් බුද්ධික වික්‍රමසිංහ නැමති විවාහකයෙකු බව පොලිසිය සදහන් කරයි.

ඒකල පිහිටි ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක දිගු කලෙක සිට සේවය කරමින් සිට ඇති මරණකරු  තම දවසේ  රාජකාරි කටයුතු අවසන් වී තමාගේ  නවාතැනට යාම සදහා කර්මාන්ත ශාලාව ඉදිරියේ ඇති ජාඇල-මිනුවන්ගොඩ ප්‍රධාන  මාර්ගයේ පැති මාරු වෙමින් සිටියේදී මෙම අනතුරට ලක්වී ඇති බව විමර්ශන කටයුතු වලදී අනාවරණය වු බව පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතය.

ජාඇල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසුරිය මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක  අජිත් බස්නායක මහතා ඇතුලු නිලධාරින් පිරිසක් අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවත්විය.

The post ලොරියක ගැටී කර්මාන්ත ශාලා සේවකයා මරුට appeared first on දිනමිණ.

…read more

Source:: Dinamina